💐 දහතුන්වැනි කොටස 🌷

10 3 0
                                    

....🌞🌞🙏 ලැබුවාවු නව වසර ඔබ සැමට සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා 🙏🌞🌞.....

🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕

මධ්‍යම රාත්‍රිය ආ බව පවසන්නට තැබෑරුමේ ඇති ඔරලෝසුව හඬ නගන්නට විය.
බෝතලය අතින් තද කර තම හිස මේසයේ ගසා සිටි අයිඩෙන් එක්වරම ඔළුව උස්සනනට විය.
ඔහුට කෙටි නින්දක් ගිය බැවින් ඔහුගේ මත් ගතිය හොඳින් ම පහව ගොස් ඇත.

ඔහු ඇහැරෙන බව දුටු සේවකයා ඉක්මනින් ඔහු ළඟට ගියේය.

" මහත්මයා. "
සේවකයා ඔහුට කතා කළ නිසා බිම බලාගෙන ඇස් කසමින් සිටි අයිඩෙන් හිස ඉහළට එසවිය.

...... " චි.... චින්... මේ ?? "

අයිඩෙන් ඔහු දෙස බලා කීවේය.

" අනේ සන්ග් මහත්තයා. "
. අවසානයේ අයිඩෙන් බලා සිටි ඒ මොහොත උදාවිය.

අයිඩෙන් කිහිපවරක් හොඳින් හුස්ම ගත්තෙය. ඔහු ට අදහාගත නොහැකි විය. ප්‍රීතියට ඔහුගේ දෑත් වෙව්ලන්නට විය.

පුටුවෙන් නැගිටි අයිඩෙන්, චින් මේ තදින් වැළදගෙන හිනාවෙමින් කදුළු සලන්නට විය.
චින් මේ ට මෙය අදහාගත නොහැකි විය. ඔහුට ද මාස ගානකට පසු අයිඩෙන් ව දැකීම සිහිනයක් බඳු විය.

" පවසන්න චින් මේ?? මෙය සැබෑ වූ සිහිනයක් නේද?? "

" ඔව් මහත්තයා. මෙය සැබෑවක්. "
අයිඩෙන් තව තවත් ඔහුව තදින් වැලද ගන්නට විය.

" නැවත එන්න. මා සමඟ ජීවත් වෙන්න. මා ද ඔබට ප්‍රිය කරනවා. "

මෙය ඇසු චින් මේ ගේ හදවත සතුටින් ඉපිල යන්නට විය.

" මම එන්නම් මහත්තයා. "

අවසානයේ චින් මේ හා අයිඩෙන් මුණ ගැසිනි.

🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️🌤️

අයිඩෙන් ආයෙමත් කොරියාව වෙත යන්නට තීරණය කළේය. චින් මේ ජපන් රැකියාව ට ගියේ ගිවිසුම් කාලයකට නිසා ඔහුට තව මාස හතරක් යනකං රැකියාවෙන් ඉවත් විය නොහැකියි.

" මා ඔබ එනතුරු බලාගෙන ඉන්නම් චින් මේ. ඔබ මා එනතුරු සිටියා වගේම. "

" ස්තුතියි මහත්තයා. මාව හොයාගෙන ආවට. මට ආදරේ කරනවට. "

" මමයි ඔබට ස්තූතියි කල යුත්තේ. "

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now