...........🌩️🌩️🌩️🌩️🌩️..............
හිරු පේන තෙක් මානයක නොවීය. පාන්දර සිටම නොනවත්වා ම වර්ෂාව ඇද හැළුණි.
අයිඩෙන් ට පුරුදු වූ සුවඳ හා ඒ යහන මත ඔහු නින්ද ගොස් තිබිණි. ඔහු ඇහැරෙන විට වර්ෂාවේ ශබ්දය ඇසුනි. ඔහුගේ බෙල්ලේ වම් පැත්ත තදින් රිදෙන්නට ගත්තේය. ඔහු දෑස් විවර කළේය. ඔහු සිටියේ තමාගේ නිවසේ කාමරයේ බව ඔහුට වැටහිණි.
' චින් මේ. චින් මේ '
ඔහු කලබලයට පත්විය." චින් මේ.. චින් මේ. "
අමාරුවෙන් ම ඇදෙන් නැගිටි ඔහු කාමරයේ දොර ඇරගෙන එලියට ගියේය. ඔහු මුළු නිවස පුරාම චින් මේ සොයමින් ඇවිදින්නට විය." චින් මේ... "
" පුතා? "
අයිඩෙන් ගේ මව ඔහුගේ පිටුපසින් සිට ඔහුට ඇමතීය.
" අම්මා. "
අයිඩෙන් තම මව ළඟට දුවගෙන ගොස්" කෝ අම්මේ මගේ චින් මේ ? මට ඔහු නැතුව ජීවත් වෙන්න බැහැ. "
යැයි පවසමින් ඇගේ දෙපා මුල වැද වැටිනි.මෙය දුටු ඇගේ දෑස් ද කදුලින් පෙගි ගියේය.
" පුතා මෙය කරන්නම ඕනේද? "
" මා මියයාවි. "
ඇය තවත් හඩමින් තම පුතාව වැළද ගත්තාය.
" අනේ මගේ අසරණ දරුවා. "
ඇය කියමින් හඩන්නට විය." අනේ අම්මේ. මට ඔහු සමඟ සතුටින් ජීවත් වෙන්න ඉඩ දෙන්න. මාව මේ හිර කුටියෙන් නිදහස් කරන්න. "
අයිඩෙන් තම මව ඉදිරියෙහි තම නිදහස ට ආයාචනා කරයි." ඔබේ පියා තමා සියලු දේ දන්නේ?? "
.....
.......... " මොකද මෙතන වෙන්නෙ? "ඒ වික්ටෝරියෝ සොලික් ගේ හඬය. ඔහුට පිටුපසින් අයිමි හා ජේසන් සිටියහ.
" අනේ පියාණනි, "
තම මවගෙන් ගැලවී ඔහු පියාගේ පාමුල දණ නමන්නට විය.
අයිමි ගේ දෑස් නම් කේන්තියෙන් පුපුරන්නට විය." පියාණනි, මට චින් මේ ව දෙන්න. "
" ඔහු ට මා කිසිවක් කළේ නැහැ. "
" ඔහු කොහෙද? මට ඔහුව දකින්න අවශ්‍යයි. "
... " ජේසන්. මොහුව අර තරුණයා ගාවට රැගෙන යන්න. "
YOU ARE READING
නොදකිමි 💔 (BL - Fiction - Completed)
Historical Fictionසිහිනයක සුව දකිමි නුඹෙන් එහා යතාර්ථය නොදකිමි