💐 හත්වැනි කොටස 🌷

6 2 0
                                    

... ගේට්ටුව විවෘත වන සද්දය ඇසි චින් මේ තම අත තිබු කොස්ස ද පැත්තකට දමා මිදුලට දිව ගියේය....

නමුත් ඔහුගේ බලාපොරොත්තුව නම් ඉටු නොවීය.

" චින් මේ"
ඒ සන් චියොල් විය.

" සන්ග් මහත්තයා මේ ඔබතුමා නේ. "

" හ්ම්. "
චියොල් ගේ හඬ එතරම් ප්‍රාණවත් නොවීය.

" ඔබතුමා මෙහි පැමිණියේ ?? "
චින් මේ ඇසුවේ කුතුහලයක් හා බියක් මුසු වූ ස්වරයෙනි.

චියොල්, චින් මේ ගේ අතින් ඇදගෙන නිවස තුලට ගොස් පුටුව මතින් ඉදගත්තේය.

" චින් මේ. "
චියොල් දිග හුස්මක් ගත්තේ අසුභ කතාවකට බව චින් මේ ඉවෙන් මෙන් දැනගත්තේ ය.

" චින් මේ , ඔබ කැමති නම් ඔබේ ගම ජේජු වෙත පිටත් වන්න."

" ඇයි ඒ ?? "
චින් මේ ට අදහාගත නොහැකි විය.

" මා සිතන්නේ නැහැ අයිඩෙන් නැවත මෙහි පැමිනෙයි කියා. "

" අනේ ඇයි ඔහුට කරදරයක් වත් ද ? පවසන්නකෝ. "
චින් මේ ගේ දෑස් වල කදුළු ඉපදෙන්නට පටන්ගෙන තිබුණි.

" නැහැ. ඔහු වඩාත් සතුටින්. ඔබ කැමති නම් මෙහි සිටින්න. නැත්නම් ගියාට කම් නැහැ. ඔහු නැවත නො එනා බව නිසැකයි. "
එලෙස පවසා චියොල් චින් මේ ගේ ඔලුව අත ගා නිවසෙන් පිට විය.

චින් මේ ගේ දෑස් අග කදුළු බිදු කම්මුල් දිගේ ගලායන්නට විය. වැහි නැති අහසක අහම්බෙන් ගැසු අකුණක් මෙන් ඔහුගේ හදවත දෙදරා යන්නට විය.

...💔 ඇයි මට ඇඩෙන්න ? ඔහු මගේ කවුද?? ඔහු මාගේ ස්වාමියා. ඔහු සතුටින් නම් මා සතුටු විය යුතුයි. ... 💔

චින් මේ හිතා මතා කදුළු සලනවා නොවේ. එය ඉබේම දෑස් මතින් ඇදෙන්නට විය. ඔහු බිම වැටී හඬන්නට විය.

" ඔබතුමා එන බව පැවසුවා නේ කවදා හෝ එනතුරු මා බලාසිටිමි. "

චින් මේ ට මේ වේදනාව කුමක් දැයි තාම නොවැටහේ.

.......
      අයිඩෙන් නොමැතිව දිනෙන් දින ගතවිය. වසන්ත සෘතුව නිම වී වස්සානය ඇරඹිණි.

💦💦💦💦💦💦

ඔහු දොරකඩ ට හේත්තු වී අහසේ සිට කඩාවැටෙන වර්ෂාව දෙස ඔහේ බලා සිටියේය.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Where stories live. Discover now