💐 සිව්වන කොටස 🌷

8 2 0
                                    

" ආශ් මගේ ඔලුව.... රිදෙනවා. "
අයිඩෙන් බිම පෙරළෙමින් කියන්නට විය.

" සන්ග් මහත්තයා "
අයිඩෙන් ළඟට ගොස් දෙදන නමා හිදගත් චින් මේ ඔහුට කතා කළේය.

" ඕ මට පහර දුන්නේ කවුද?? "
එවර කෑ ගැහුවේ සන් චියොල් ය.

ඉන්පසු චින් මේ ගොස් චියොල් ළඟට ගොස් ඔහුට කතා කළේය.
චියොල් එක්වරම චින් මේ ගේ අතින් ඇද ඔහුව බිමට වට්ටා ඔහුගේ බෙල්ල තම වැලමිටින් හිරකොට චින් මේ ගේ සිරුර උඩට පැමිණියේය.

" අනේ... අනේ... මහත්තයා මට ගහන්න එපා. මා ඔබට පහර දුන්නේ නැත. "
චින් මේ චියොල් ගේ අත තදින් අල්ලා ගනිමින් දෑස් තද කර වසා ගනිමින් කෑ ගැසුවේය.

එවිට නම් අයිඩෙන් හා චියොල් පියවි සිහියට පැමිණ දෑස් විවර කළෝය.

චියොල් තම දෑතට සිර වී සිටින චින් මේ දෙස බලා සිටියේ වශි වූවෙක් මෙනි.

" සුන්දරයි"
චියොල් ට ඉබේටම කියවිනි.

තවමත් දෑස් තද කර වසාගෙන බියෙන් ගැහෙන ඒ තරුණයාට යන්න දෙන්නට ඔහු ලෝබ විය.
හිමින් හිමින් දෑස් විවර කල චින් මේද චියොල් දෙස විසල් වූ දෙනෙතකින් බලා සිටි. චියොල් ද චින් මේ ගේ දෑස් දෙස බලා සිටි.

..... " යා මොකද ඔතන වෙන්නේ?? "
අයිඩෙන් ඒ දසුන දෙස බලා එක්වරම කෑ ගැසුවේය.

එයින් කලබල වූ ඔවුන් දෙදෙනාම පැත්තකට විය.

චියොල් බිත්තිය හේත්තු වී ඉදගත් අතර චින් මේ නැගිට අයිඩෙන් ට හා චියොල් ට අචාර කළේය.

" ස්නානය සඳහා ජලය සූදානම් කරන්න. "

" එහෙමයි. "
චින් මේ යටහත් පහත්ව අයිඩෙන් ගේ අණට කීකරු විය.

...................................................

☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️

දහවල් කාලයේදී චියොල් හා අයිඩෙන් සියොල් නගරය පුරාම ඇවිදින්නට විය

" මා දුටු සියොල් වලට වඩා දැන් සියොල් සුන්දරයි. "

අයිඩෙන් වටපිටාවේ ඇති ගොඩනැගිලි බලා පවසන්නට විය.

" ඔව්. නමුත් තාමත් අපි අර ජපන්නු යටතේ හිදින්නේ. "
නුරුස්සන ස්වභාවයෙන් චියොල් පැවසීය.

" තමන්ට අයිති නැති දෙයක් නම් එය කවදා හෝ අතාරින්න වෙනවා චියොල්. නැත්නම් මියයාමටයි සිදුවන්නේ. "..

" එය නම් සත්‍යයක්. "

ඔවුන් නගරයේ ඉදිරියටම කතා බහා කරමින් ඇවිද ගියෝය.

☀️🌙☀️🌙☀️🌙☀️🌙☀️

එලෙස අයිඩෙන් පැමිණි මාසයක් පමණ ගත විය. ඔහු කොරියාව පිලිබඳ බොහෝ දේ අයිඩන් ගෙන් දැනගන්නට විය.

බොහො වංශවත් කොරියානුවන් තම රට ජපන් රාජ්‍යයෙන් ගලවා ගැනිමට විවිධ වැඩසටහන් රහසේ පවත්වන බව ද අයිඩෙන් දැන ගන්නට විය.
එබැවින් අයිඩෙන් ටද තමා කුඩා කළ වැඩුණු රට වෙනුවෙන් දෙයක් කිරීමට අවශ්‍යය විය.

තම කාමරයට යාබද ව ඇති කාමරය ඔහු ඔහුගේ ලිපි ලේඛන වැඩ සදහා සකසා ගත්තේය.

පැරිසියේ හොඳම ආයතනයක ගණකාධිකාරයෙකු වීම නිසා ඔහුට ජපන් රජයේ රැකියාවක් ද හමුවිය.

එමෙන්ම ඔහුගේ මනස නිදහස් වීම නිසා ඔහු නව කතාවක් ලිවීමට පටන්ගෙන තිබුණි.

එය " සිරවුණ මල් " නමින් හැඳින්වෙන අතර එය දේශය පිලිබඳව හැගීම් ව්‍යංගව දක්වන කතාවක් විය.

🌤️🌤️

හිමිදිරි උදෑසනක අයිඩෙන් තම කතාව ලියමින් සිටියේය.

චින් මේ ඔහුගේ ලේඛන කාමරයට පැමිණෙන්න ට විය.

මකුළු දැල් වලින් එති තිබුණ පොත් රාක්ක ඔහු විසින් පිහිදහන්නට වූයේ අයිඩෙන් ගේ කීම මතය.

චින් මේ රාක්කයන් හිමින් සුද්ද කරමින් සිටි අතර ඔහුගේ හිත තිබුණේ අයිඩෙන් ගේ පින්සල හා පොත දිහාවටයි.

චින් මේ දුප්පත් දරුවෙකු වූවද ඔහු පොත් වල සුවඳට පෙම් කළේය. පින්සලෙන් ලියද්දී එන සර සර සද්දය හා තීන්ත සුවදට ඔහු ඇලුම් කළේය.

ඔහුගේ අත රාක්කය මත තිබුනද නෙත තිබුණේ අයිඩෙන් ගේ මේසය මතය.

"" දඩා....ස්""

භාවනාවක නිරත වන අන්දමට පොත ලියු අයිඩෙන් එක්වරම හිස ඉහළට එසවිය.

චින් මේ අතින් රාක්කය මත තිබු පින්සල් දැමු යකඩ පෙට්ටිය බිම වැටී එහි හඩ රැව් දෙන්නට විය.

" සමා...වෙන්න.... මහත්තයා. සිතා කළේ නැහැ... "
චින් මේ බියවී හිස නමා අයිඩෙන් ගෙන් සමාව ඉල්ලීය.

" ඉක්මනට ඕවා අස් කර මෙතනින් යන්න. මා නැති වෙලාවක මෙතන අස් කරන්න. "
අයිඩෙන් කොහොමත් කුකුල් කේන්ති කාරයෙකි.

ඉක්මනින් එතන අස් කල චින් මේ කාමරයෙන් පිටවිය.

..........................................

තවත් දවසක හමුවෙමු.

නොදකිමි 💔 (BL - Fiction - Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang