Part 11

421 80 8
                                    

Jk pov

මම මගෙ ආත්මගරුත්වය පැත්තකින් තියලා කොහම හරි ජිමිනගෙන් ටේගෙ නම්බර් එක ඉල්ල ගත්තා. ඒකත් මම එයාට සුගා හ්‍යියෝන්ව ඔම්මට හොරෙන් හෙට ඒ කියන්නෙ වැලන්ටයින් ඩේයි එක දවසෙ හම්බවෙන්න උදව් කරනවා කියන කොන්දේසිය උඩ නැත්තම් ඕකා මට ඕක දෙයි.

මම කොහම හරි ටේගෙ නම්බර් එකට මැසේජ් එකක් දානවා කියන දැඩි අදිශ්ටානයෙන් මගේ කාමරෙ ඇද උඩ හාන්සි වුනා. ඒත් දැන් මට හිතා ගන්න බෑ මම එයාට මොනවා දාන්නද කියලා. ඕකගෙ හැටි මමනෙ දන්නෙ හායි කියල දැම්මොත් කව්ද කියලා අහන්නෙ නැතුව ඇයි ඔයා මට හායි කියලා දාන්නෙ කියලා අහයි😑😑 නමත් කොහම හරි කිව්වයි කියමුකො ඊට පස්සෙ මොනවද ඔයාට කියන්න ඕනෙ කියලා ඇහුවොත් මට සමාවෙන්න කියන්නද ඊට පස්සෙ අහයි ඒ මොකටද කියලා මම ඔයාට කැමතී කියන්නද😖  මම ආපහු ෆෝන් එක ඇද උඩින් තියලා ටේ ගැන හිතන්න ගත්තා. වෙනද හිතන ටිකම තමා ඉතින්😆 මගෙ සූටි කුප්ප හිත😆

Next day

අද වැලන්ටයින්. අද ලමයි කව්රුත් යුනී යන්නෙ නෑ. ඇවිදින්න යන්වා නෙමේ. අද ලෙක්චර්ස්ලා යුනී එන්නෙ නෑ උන් යනවා ඇවිදින්න. ඒ නිසා අද නිකන් අපිට නිවාඩු දවසක් වගේ තමා. ලෙක්චර්ස්ලා නැති නිසා යුනී එක අරින්නෙ නෑ යුනී එක විනාසවෙයි කියලා තියෙන බයට. ඒ නිසා අපි අද ගෙදර ඒ වගේම මහ කරුම දවසක් මම තාම සින්ගල් ඒ වගෙම මම ජිමිනට උදව් කරන්න ඕනෙ සුගා හ්‍යියෝන්ව හොරෙන් හම්බවෙන්න යන්න.

මම හිටියෙ පල්ලහා අද මොනවද කරන්නෙ කියලා හිත හිත. ටිකකින් ජිමිනා ආවා මට මහ ජරා හිනාවක් දාගෙන. මම ඉතින් දැක්කෙ නෑ වගේ හිටියා. එයා ඇවිල්ලා මගෙ ලගින්ම ඉදගෙන මගෙ කකුලට අත තිබ්බා මම මේ මොකද මේ කියලා බලන්න වගේ එකා දිහා  බැලුවහම තමා, බැලුවෙ අපරාදෙ කියලා හිතුනෙ ඒකා මට ආපහු ජරා හිනාවක් දාලා TV එක on කරා. අද වැලන්ටයින් නිසා එක එක තැන් වල තියෙන වැඩසටහන් ලයිව් TV එකේ යනවා. අනේ මගෙ කට සින්ගල් අපිට රිද්දන්නනේ ඕවා යන්නෙ🙂 පව් අසරන මම ඊලග වැලන්ටයින් එකටවත් ටේත් එක්ක ඉන්න බලන්න ඕනෙ.

🐨ලමායි ලෑස්ති වෙන්න පාරක් යන්න

🐥,🐰අපිට බෑ😒

Love ( Taekook ) Where stories live. Discover now