Part 12

447 84 13
                                    

Jk pov

මායි ටේයි හ්‍යියෝන්ලා ඉන්න පැත්තෙන් මෙහා තිබ්බා ලස්සන පොකුනක් ලගට ඇවිල්ලා එතන ලග තිබ්බා ලී වලින් හදලා තිබ්බ බන්කුවක ඉද ගත්තා. ඒත් තාම අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ අපි දෙන්නා අනිත් කපල්ස් දිහා බලාගෙන හිටියා🙂 එක පාරටම අපි ඉස්සරහ හිටිය කපල් එක කිස් කරන්න පටන් ගත්තා. මට එක පාරටම ඇස් ගියෙ ටේ දිහාට එයා එයාගෙ කකුල් දිහා බලාගෙන ඉන්නවා. මම හිතන්නෙ එයා රතු වෙලා.

🐰අපි යමුද අයිස්ක්‍රීම් කන්න.
ටේ අපහ්සුවෙන් ඉන්නෙ නිසා මම කිව්වා. අනික මට දැන් පැය බාගෙයක් තිස්සෙ මේ ලී පුටුවෙ වාඩි වෙලා ඉදලා මගේ පස්සත් රිදෙනවා.💔

🐯ආ.. හා.. යමු.

මම නැගිටලා එයාගෙ අතිනුත් අල්ලගෙන අයිස්ක්‍රීම් තියෙන පැත්තට ගියා. එයාගෙ අතින් අල්ලද්දි එයා ටිකක් ගැස්සුනත් එයා ඒකට කැමතී වගේ පෙන්නන්න මගේ අතනිත් අල්ල ගත්තා. දැනෙන සතුට💓 එයා මටත් කැමතීවත්ද? ඔහ් මයි ගෝඩ් මට බෑ සාන්ත ආපහු අත අරින්නත් බෑ මොනවා හිතයිද දන්නෙ නෑ ඔන්න ඔහෙ කමක් නෑ තව ටික දුරයිනෙ හිමින් යනවා. අපහු අල්ලන්න වෙයිද කියලා කව්ද දන්නෙ මේ යක්ක පැටියා හිටපු ගමන් ට්‍රැක් මාරු කරනවානෙ.

මම එහෙම හිත හිත හිමින් අයිස්ක්‍රීම් කඩේ ගාවට ආවා.

🐰ඔයාගෙ ෆ්ලෙව එක මොකද්ද?

🐯ස්ටෝබෙරි

🐰අපිට් ස්ටෝබෙරි එකයි චොකලට් එකයි දෙන්න

අපි අයිස්ක්‍රීම් දෙකත් අරගෙන ගිහින් කඩේ ලගෙ තිබ්බ පුටු දෙකක ඉද ගත්තා. එයා හරියට අයිස්ක්‍රීම් කන්නෙ පොඩි බබෙක් වගේ එයා කාල ඉවර වෙලා මගෙ දිහා බැලුවා.

🐯ඔයා කන්නෙ නැත්තම මට ඕක දෙනවද?🙂 නැත්තම ඕක දියවෙයි

ඊට පස්සෙ තමා මට තෙරුනෙ මම තාම මගෙ එක කන්නෙ නැතුව එයා දිහා බලාගෙන ඉදලා කියලා. මම තව ටිකක් වෙලා එයා දිහා බලාගෙන ඉදලා මගෙ එකත් එයාට දුන්නා. අනෙ අම්මපා මේකා ලැජ්ජා නැතුව මගෙන් ඉල්ලගෙනම කනවනෙ. මම එයා දිහා මගෙ අතින් කට වහගෙන බලාගෙන හිටියා.

🐯මොකද මගෙ දිහා බලාගෙන ඉන්නෙ?

ඒ ගමබ මූනත් ඇබුල් කරන් මගෙන් අහනවා. අනේ මෙකගෙ හුරතලෙ

Love ( Taekook ) Where stories live. Discover now