15 කොටස🤍✨

1.8K 309 360
                                    

"සුදු බේබි මෙව්වා හිමිහිට ඉගෙන ගන්න.මට බෑනෙ ඉස්කෝලේ පටන් ගත්තම සුදු බේබිගෙ කාමරේ නිදා ගන්න"

නේත්‍ර තමන්ගෙ පුංචි අත්වලින් හරි කඩිසරව සුදු බේබි පොරවන ඇතිරිල්ල පිළිවෙලකට නවන හැටි සුදුබේබි  බලාගෙන හිටියා.ඇඳ රෙද්ද හොදට ගසලා දාපු නේත්‍ර සුදු බේබි ඔලුව තියෙන කොට්ටෙන් තමන්ගෙ දණහිසට ගහගෙන පෙර විදිහටම පිම්බෙන විදියට හදපු කොට්ටෙ ඇඳ උඩින් තිබ්බා.

ඇඳ උඩින් තිබ්බ කොට්ටෙ මත පිලිවෙලට නවපු පොරවන ඇතිරිල්ල තියපු නේත්‍ර තමන් උදේම කඩාගෙන ආව කැලෑ මල් මිට සුදුබේබිගෙ පොත් මේසෙ උඩ තිබ්බ මල් බඳුන තුළට දැම්මෙ මල් බඳුනත් පිරිසිදු කරලා දාලා.කොස්ස අතට ගත්තු නේත්‍ර ඇඳ උඩ ඉදන් ඉන්න සුදුබේබි එක්ක කතා නොකරම කාමරයත් අතුගාන්න ගනිද්දි සුදු බේබි නේත්‍රට කතා කළා.

"ඇති දැන් වැඩ කලා කලා ඔයා! කවුරු හරි ඇවිල්ලා ඔය ටික කරලා යයි නේත්‍ර"

"කමක් නෑ සුදු බේබි...මං ගෙදරදිත් මෙව්වා කරනවා"

තමන්ටත් වඩා උස කොස්සත් අල්ලගෙන කාමරය අතුගාන නේත්‍ර දිහා බලාගෙන හිටිය සුදුබේබිගෙ ඉවසීම බින්දුවටම හිඳිලා ගියා.මොකද සුදුබේබි කැමති වුනේ නැහැ නේත්‍ර  හුදෙක් වැඩකාරයෙක් ගානට දාන්න.නේත්‍ර එයාගෙ හොඳම යාළුවා....එහෙම නේද?

"එන්න නේත්‍ර,දැන් ඔය ඇති! මං කිව්වනේ!!!"

සමහර වෙලාවට පුංචි හිතුවක්කාරයෙක් වුනු නේත්‍ර සුදු බේබි කිව්ව දේ නෑහුනා වගේ සුදුබේබි දිහාවත් නොබලා තමන්ගෙ වැඩේ කරගෙන යද්දි යකා ආවේස වුනුසුදු බේබි නේත්‍ර ළඟට ගිහින් පුළුන් රොදක් වගේ හිටිය නේත්‍රව උස්සලා වඩාගත්තා.සුදු බේබි කරපු දේ නිසා එක පාරටම බය උනු නේත්‍රගෙ අතින් කොස්ස අතෑරෙද්දි ඒක ගානකටවත් නොගත්ත සුදු බේබි නේත්‍රව උස්සන් ඇවිත් තමන්ගේ ඇඳ උඩින් ඉදගත්තේ නේත්‍රව තමන්ගේ උකුල උඩට ගන්න ගමන්.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now