30 කොටස🤍✨

2.2K 309 175
                                    

"මොකක්!"

"ඔව් මම පැනඩෝල් දෙකක් දීලා මේ දුවන් ආවෙ ඔයාට කියන්න"

"ඉන්න මම එනවා දැන්.මැනුවෙල්.......මැනු.....ආ මේක ගෙනිහින් සාලෙන් තියන්න.පුංචි අම්මට මම එනකං ඉන්න ඕන්නෑ කියන්න කන්න"

මැනුවෙල්ට කිසිම දෙයක් අහන්න ඉඩක් නොතිබ්බ ආශව දිවාෂවත් පහුකරගෙන දුවගෙන යද්දී කකුල් දෙකට වේගෙ ගත්ත දිවාෂත් ආශවගෙ පස්සෙන් ඇදිලා ගියා.දඩි බිඩි ගාලා පල්ලම බහින ආශව මොකක් හරි මතක් උනා වගේ දිවාෂ දිහා රවලා බැලුවා.

"අර උණ ගැනුණු දරුවව දාලද මේ දුවගෙන ආවේ උඹ?කෝල් එකක් දෙන්න තිබ්බනෙ මට!!!!"

"අනේ ප# තමා.තොට කෝල් කලාට ආන්සර් කලාත ආසව? අනික නේත්‍ර තනියම නෙමෙයි.නේත්‍ර එක්ක දෙවින් පණ ඉන්නවා."

"ශිට්! ෆෝන් එක කාමරේනෙ තිබ්බෙ මම......දෙවිනුත් ආවද?"

"ඔව් උඹ මේ ගොම්මනේ මට වරෙන් කිව්වට,මට ඒ අස්සෙ යස්ස දිෂ්ටියක්වත් වැටුනොත් එහෙම තනිපංගලමේ ඇවිත්!!!! ඉතින් මම දෙවින් අයියවත් එක්කරගෙනම ආවා"

"එතකොටත් උණද?"

"මටද?"

"තොට නෙවේ නේත්‍රට!!!"

"මම එද්දිත් නේත්‍ර ඇඳ උඩ ගුලි ගැහිලා උන්නේ.දොරත් හායි ගාලා ඇරලා...ඒකට නං නේත්‍රට සැර කරපං ආසව! පරිස්සම ගැන බලන්න එපායැ මොන මගුල වුණත්.මම  සැර කලේ නෑ.....උඹේ බැනුම් අහන්න එපා යැයි මම ඊට පස්සේ"

"ඊටපස්සෙ මොකෝ උනේ?"

"ගුලි ගැහිලා හිටි විදියට දෙවින් අයියටත් සැක හිතිලා මට කිව්වා උණද බලන්න කියලා.ගිනි රස්නෙයි ඇග...ඇස් රතු වෙලා"

"මම බලන්නම්කෝ"

"බලලා බේත් දෙන්න උඹ දොස්තරද ආසව?"

"අනේ මේ දිවාෂ!!!"

"මාව කන්න කලින් බලපං කොල්ලව"

"මම හරක් මස් කන්නෑ!"

කතාවෙන් කතාවෙන් වේගෙන් පල්ලම් බැස්ස ආශව දිවාෂ දිහා ආපහු පාරක් රවලා බලලා නේත්‍රගෙ කාමරේට දුවද්දී ආශවට විරිත්තුව දිවාෂ එකපාරටම නළල රැලි කරගත්තා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now