29 කොටස🤍✨

1.9K 319 303
                                    

ගෙදර ඇඳ උඩට වෙලා ටෙනිස් බෝලෙකින් බිත්තියට ගගහ හිටපු දිවාෂ උන්නේ ලොකු කල්පනාවක.තුන් හතර පාරක්ම බෝල විසික්කා වෙලා ඇවිත් නහයෙ වැදුනත් දිවාෂ බෝලෙන් බිත්තියට  ගහන වැඩේ නැවැත්තුවෙ නම් නෑ.

පැයක් විතර තිස්සේම තමන්ගේ පුතාගේ කාමරයෙන් ඇහෙන "තග් තග්" සද්දෙ ආරියසිංහ නෝඅට ඇහුනත් ඒක ගණන් නොගෙන හිටිය පුතන්ඩියාගෙ හැටි දැනගෙන උන්නු නිසා.හැබැයි ආරියසිංහ නෝනා හදිස්සියක් උනොත් එලියට දුවන්න නම් බලාගෙන හිටියා.මොකද දිවාෂ ඉන්නේ අත්බෝම්බයක් හදන ගමන්වත් නම්? දිවාෂ නොකළ වැඩකට තිබ්බේ ඒක විතරයි!

දිවාෂගෙ මතකෙ දුවලා ගිහින් තිබ්බේ මීට අවුරුදු කීපයකට කලින් උන සිද්ධියකට.ඒ සිදුවීම කොච්චර රසවත් එකක්ද කියන එක පෙන්නන්න වගේ දිවාෂගෙ මූණෙ හරි ලස්සන හිනාවක් ඇඳිලා තිබුණා.දිවාෂට හොඳටම ඒ දවස මතක තිබ්බා.

එතකොට දිවාෂ, නේත්‍ර දෙන්න 10 වසරෙ හිටියා වගේම ආශව,දෙවින් දෙන්නා හිටියේ 11 වසරෙ. එදා හරියටම අලුත් අවුරුද්ද දිනේ පහුවෙලා ගත වෙලා තිබ්බේ දවස් තුනයි.ගෙදර කරන්න තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඉවර කරපු නිර්මලා නේත්‍රවත්  උස්සගෙන තමන්ගේ නංගි පද්මිණීලගේ දිහා එහෙමත් නැත්තං අරුන්දතී දැන් ජීවත් වෙලා ඉන්න ගෙදරට නෑගම් ගිහින් තිබ්බා.

අලුත් අවුරුද්දට නෑදෑයො,හිත මිතුරො විශාල පිරිසක් එකතු කරගෙන මහ මුදියන්සේ ඉරුගල්බණ්ඩාර වලව්වෙ පවත්වපු උත්සවයට දිවාෂලාට පවා ආරාධනා ලැබුණා. අලුත් අවුරුද්ද දවසේ නේත්‍රලගෙ ගෙදරට යමින් ගමන් උන්නු දිවාෂට,ඒ ගෙදර ඉඳන් වලව්වට දුවගෙන යමින් හිටි මගදි හම්බ වුන ආශවගෙ මුහුණේ එදා දිවාෂ දැක්ක හිනාව උත්සවය දවසේ දැක්කෙ නෑ.

ආශව ෆෝන් එකත් අතේ තියාගෙන ඔහේ පැත්තකට වෙලා හිටිය වගේම ආශවගෙ වටේ නෑදෑ හිතමිතුරු ළමයි,විශේෂයෙන්ම ගෑනු ළමයි පිරිලා හිටියත් ආශවගෙ සිහිය එතන නොතිබ්බ බව දිවාෂට බැලූ බැල්මටම තේරුම් ගියා.ඒත් එක්කම කොහෙද ඉඳන් මතුවුණු දෙවින්,දිවාෂගෙ කරට අතකුත්  දාගෙන ආශව ලඟට යද්දි දෙයියෝ බුදුන් දැක්ක වගේ සැනසුම් සුසුමක් හෙලුව ආශව තමන්ව වටකරගෙන හිටි ළමයි ටික මග ඇරලා දිවාෂලා ළඟට දුවගෙන ආවා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now