43 කොටස🤍✨

1.9K 277 386
                                    

විවේක කාලෙ අවසන් වෙන සීනුව නාද වෙනවත් එක්කම මුළු පාසලම කඩි ගුලක් වගේ ඇවිස්සිලා තිබ්බෙ ඊලගට තියෙන රැස්වීම් වලට ලමයි එකේක තැන් වලට යමින් හිටි නිසා.නුදුරේදීම පවත්වන්න නියමිත ක්‍රීඩා උත්සවයට අදාලව නිවාස මට්ටමින් පවත්වන රැස්වීම් විවේක කාලයෙන් පස්සෙ පවත්වන්න නියමිත වෙලා තිබ්බෙ නිවාස වල නායකත්ව තනතුරු වල වගකීම් දරන්නන් තෝරා පත් කරගන්න අවශ්‍ය වෙලා තිබ්බ නිසා.

නේත්‍රගෙයි දිවාෂගෙයි නිවාසෙ වුණු ලෙමුවෙල් නිවාසයේ රැස්වීම පවත්වන්න නියමිත වෙලා තිබ්බෙ පාසලේ ක්‍රීඩා පිට්ටනියටම යාබදව තිබුණු ඓතිහාසික කොට්ටම්බා ගස් ගොල්ල ගාව.ඕක සෑහෙන පරණ කොට්ටම්බා ගස් ගොල්ලක් කියලා තියෙන කතාව නිසා කොල්ලො ටික එ ගස් ටික හරි පරිස්සමින් රැක බලාගත්ත්තා.නිවාස රැස්වීමට යන අතරමගදි හම්බුනු කොල්ලො රංචුවක් දිවාෂයි නේත්‍රයි පස්සෙ වැටෙද්දි එතන හිටිය එක කොල්ලෙක් දිවාෂගෙ පිටට තට්ටුවක් දාලා හිනා වුණා.

"ඔන්න බලපං....මේ පාර හවුස් කැපා වෙන්නෙ දිවාෂයා"

"මම හවුස් කැපා උනොත් ඇත්තටම සෙන්ට්‍රල් හවුස් උන්ගෙ කනවල් පලනවා! මොකෝ උබ ඇස් ලොකු කරගෙන බලන්නෙ නේත්‍ර? සෙන්ට්‍රල් හවුස් එකට ගෑවුණු එකෙක්ට පවා ගහනවා.....උඹට ඇරෙන්න"

ඒ කොල්ලගෙ පිටට පාරක් ගහලා හිනා වුණු දිවාෂ නේත්‍රගෙ කර වටේ අතක් දාගෙන යද්දි ලෙමුවෙල් නිවාසෙ පරම්පරාගත වෛරක්කාරයා වුණු සෙන්ට්‍රල් හවුස් එකේ රැස්වීමටත් ලමයි එකතු වෙන ගමන් හිටියා.ආශවයි දෙවිනුයි දෙන්නා ඒ බිම් කොටසෙ තියෙන උස් ගොඩැල්ලකට වෙලා ලමයි දිහා බලන් ඉද්දි දැන් ඉදන්ම වලි අදින්න ලෑස්ති වෙලා හිටිය දිවාෂ ආශවට මැද්දෙ ඇගිල්ල පෙන්නන ගමන් තමන්ගෙ නිවාස රැස්වීම තියෙන තැනට ඇවිදන් ගියා.ආශව,දෙවින් දෙන්නා දරන තනතුරු නිසා ඒ දෙන්නටම නායකයො විදියට නිවාසෙ වැඩ කටයුතු වලට වගේම ක්‍රීඩා වලටත් සහභාගී වෙන එක තහනම් වෙලා තිබුණා.රකිත ඇතුලු අනික් පිරිසටත් නායකත්ව තනතුරු තහනම් වෙලා තිබ්බත් ක්‍රීඩා කටයුතු තහනම් නොවුණේ ඒ කිසි කෙනෙක් ක්‍රීඩා අංශෙන් ඉහල තනතුරු නොදැරැව්ව නිසා.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now