59 කොටස🤍✨

1.5K 265 320
                                    

"සුදුබේබි....."

"ම්ම්ම්ම්"

"මම ඩාන්ස් කරන්න ආසා නෑනෙ"

"ආසා නැද්ද?නැත්තං  කට්ටිය ගොඩක් ඉන්න නිසා අපහසුද? ම්ම්ම්"

"ට්....ටිකක් අපහසුයි සුදුබේබි"

"මම ඉන්නවනෙ මැණිකෙ....මම එක්ක ඩාන්ස් කරමු.එන්න"

"හ්...හා සුදුබේබි"

පිට්ටනියෙම තද අදුරෙ වෙලිලා තිබ්බ වෙලාවෙ පාට පාට විදුලි බල්බ වලින් විතරක් පිට්ටනිය ආලෝකමත් වෙද්දි ආශවයි නේත්‍රයිත් කොල්ලො සිය ගාණකට මැදි වෙලා හිටියා.හැමෝම විනෝද වෙන එක අරමුණු කරගෙන හිටිය නිසා කාටවත් වෙන කෙනෙක් ගැන අවධානය යොමු කරන්න උවමනාවක් තිබ්බෙ නෑ.නේත්‍රගෙ අතින් අල්ලගෙන ආශව නටන්න ගනිද්දි නේත්‍රත් හිනා වෙවී පැද්දෙන්න ගත්තා.එකපාරටම ආශව නේත්‍රගෙ අතින් ඇදලා අරං නේත්‍රගෙ ඉණ වටේ ආශවගෙ ශක්තිමත් අත යවද්දි නේත්‍රට මතක් වුණේ මීට පැය කිහිපයකට කලින් බ්ලේසර් එක දාගන්න කියලා ඇදුම් මාරු කරන කාමරේට කතා කෙරුව ආශව කෙරුව වැඩේ.

නේත්‍ර කාමරේ ඇතුලට ගියාම දොර වහලා දැම්ම ආශව හෙමීට නේත්‍ර ලගට ඇවිදන් ඇවිත් නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරගත්තා.කාමරේ කොණක තියලා තිබ්බ දිග කණ්ණාඩියෙන් තමන්ගෙයි සුදුබේබිගෙයි ප්‍රතිබිම්බ පෙනුනු හැටි නේත්‍රට මතක් වුණා.කණ්නාඩියෙන් පේන ප්‍රතිබිම්බෙන්වත් වහං කරන්න බැරි ආශවගෙ ආදරේ වෑහෙන ඇස් දිහා නේත්‍ර බලාගෙනම ඉද්දි නේත්‍රව පිටිපස්සෙන් තුරුල් කරංම ආශව කණ්ණාඩිය ලගට ඇවිදන් ආවා.තමන්ගෙ ඉණ වටේ එතිලා තිබ්බ ආශවගෙ අත් දෙක උඩින් තමන්ගෙ පුංචි අත් තියාගත්තු නේත්‍ර එහෙම්මම ආශවගෙ පපුවට වාරු උනා.

"අර මම කිව්ව එක පේනවද?"

"මොකද්ද සුදුබේබි?"

"සුරදූතයෙකුයි යකෙකුයි?"

"මගෙ සුදුබේබි යකෙක් නෙවේ...."

"තමා"

"එහෙනම් සුදුබේබි තමා මේ ලෝකෙ ඉන්න හොදම වගේම ආදරණීයම යකා"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now