17 කොටස🤍✨

1.9K 301 278
                                    

යාන්තම් අඳුර මැකීගෙන එද්දී මැනුවෙල්ව පෙරටු කර ගත්තු පොඩ්ඩො හතර දෙනා ගම්මාන තිබුණු විසාල වෙල් යාය පහු කරන ගමන් හිටියා.අතේ තිබුන විදුලි පන්දම පත්තු කරගෙන පාරට අල්ලගෙන ගිය මැනුවෙල්ගේ ඇස් දෙක හීනි වෙලා ගිහින් තිබ්බෙ තිබ්බේ මේ අඩ අන්ධකාරෙ සත්තු සරපයි පාර මාරු වෙනවද කියන එක ගැන විමසිලිමත් වෙමින් හිටිය නිසා.

ඉඳහිටක ඇහෙන වෙල් යායෙ ඉන්න ගෙම්බන්ගේ "බක බක" සද්දෙ අනුගමනය කරන දිවාෂ නිසා කට්ටියගෙම මූණුවල හිනාවක් ඇදිලා තිබ්බා.මේ වෙලාවට ගම්මානයේ දුවන බස් රථයේ ගමනාගමන කටයුතු ඇරඹිලා නොතිබෙන නිසා පොඩ්ඩො ටික මේ සතිය පුරාම උදේ පාන්දර ටවුමට ගෑටුවා.මේ ගෙවමින් තිබ්බෙ පොඩ්ඩො හතර දෙනාගේ පාසල් යන තුන්වෙනි සතිය.

පලවෙනි සතියේ මුළුල්ලේම සුදු බේබිව අරගත්තු ඉරුගල්බණ්ඩාර වලව්වේ බෙන්ස් රථයයි,දෙවින්ව අරගත්තු සිංහවංශ මෝටර් රථයයි,නේත්‍රවයි දිවාෂවයි අරගත්තු ආරියසිංහ නෝනගෙ වැගන්ආර් රථයයි හැමදාම ඉස්කෝලෙ ගාවට උදේ ගිහින් පොඩ්ඩො හතර දෙනාව බැස්සුවා වගේම දවල්ට ඉස්කෝලෙ ඇරෙන වෙලාවටත් පොඩ්ඩො ටිකව පාසල ලගින් අරගෙන ගෙදර ආවා.

ඒත් දෙමව්පියන්ගෙම තීරණ වලට අනුව දෙවනි සතියෙ ඉදන්ම පොඩ්ඩො ටිකව බස් වලට හුරු කරන වැඩේ ආරම්භ කලා.මුලදි මැනුවෙල් බස් එකේ ඉස්කෝලෙ ලගටම ගිහින් සුදුබේබිවයි දෙවින්වයි දාලා ආවත්,ආරියසිංහ නෝනා දිවාෂවයි නේත්‍රවයි බස් එකේ ඉස්කෝලෙ ගාවටම ගියත් මේ වෙද්දි පොඩ්ඩො ටිකව පාරට දාන වැඩේ විතරක් මැනුවෙල්ට කරන්න ඉතිරි වෙලා තිබ්බා.ලොකු මැණිකෙගෙ උපදෙස් වලට අනුව නේත්‍රවයි දිවාෂවයි දෙන්නවත් සුදුබේබියි දෙවිනුයි එක්කම පාසල් ගමනට හුරු කලෙත් කට්ටියම එකට යද්දී  බයක් වෙන්න ඕනි නැති නිසා.

"කෝ ඔහොම ඉන්න නේත්‍ර"

සුදුබේබි නේත්‍රගෙ අත හයියෙන් තද කරලා අල්ලගෙන කියද්දි අත රිදුනු නිසා නේත්‍රගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා.බස් එකක් එනකං ටවුමට කලින් තිබුනු වංගුවෙ මාර ගහ යටට වෙලා හිටිය පොඩ්ඩො හතර දෙනාට ටිකක් එහාට වෙන්න මැනුවෙලුත් හිටගෙන හිටියා.හැමදාම ඔතනට ආවට පස්සෙ කඩි කුලප්පුව හැදෙන දිවාෂ බස් එක එනකං අරහෙට මෙහෙට දිව්වට සුදුබේබි එක්ක ඒ සෙල්ලම් කරන්න නේත්‍රට හම්බුනේ නැහැ.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now