37 කොටස🤍✨

1.6K 287 249
                                    

ඉරුගල්බණ්ඩාර වලව්ව අදනම් හරි පිංවන්ත පාටට සැරසිලා තිබුණා.මේ වෙද්දිනුත් වලව් වත්තම ආවරණය වෙන විදියට ගහලා තිබ්බ සුදුපාට හට් එක ඇතුලෙ ප්ලාස්ටික් පුටු වගේම පැදුරු වාගයක් ගොඩ ගහලා තිබ්බා.අද හවස් යාමෙ එලඹුනාම පවත්තන්න නියමිත වෙලා තිබ්බ පිරිත් සජ්ජායනාවට ඕනි කරන හැම වැඩක්ම මේ වෙද්දි ඉවර වීගෙන යමින් තිබුනා.වලව් සේවකයො පිරිස ලහි ලහියෙම කැවිලි පෙවෙලි ටික ලෑස්ති කලේ හවහට වලව්වට ගොඩ වෙන මිනිස්සුන්ගෙ සංග්‍රහ කටයුතු සදහා.අතිරස,කොකිස්,නාරං කැවුම් වගේ දේවල් හදලා ඉවර වෙලා තිබ්බත් මුංඇට කැවුම්නම් තවම හදලා ඉවර කරලා තිබ්බෙ නෑ.

කොට කලිසමක් ඇදගෙන ඒකටම හරියන ලොකූම ලොකු කමිසෙක පුරුදු විදියට ගිලිලා හිටිය නේත්‍ර එලිමහන් ලිපේ තියෙන තෙල් තාච්චිය ලග බංකුවක ඉදන් හිටි නිර්මලා ලග ඇණ තියාගෙන හිටියා.නේත්‍ර ලගම සිමෙන්ති ගලක් තියාගෙන ඒක උඩ පස්ස තියන් ඉදන් හිටිය දිවාෂගෙ ඔලු ගෙඩියත් තෙල් තාච්චිය ඇතුලට එබිලා තිබ්බා.ගාණට කෑලි කපලා තිබ්බ මුංඇට කැවුම් මිශ්‍රණෙන් කෑල්ල කෑල්ල අතට ගත්තු දිවාෂයි නේත්‍රයි දෙන්නා තරගෙට වගේ ඒ කෑලි පාන් පිටි දියාරු දැවටුමේ ඔබලා තෙල් තාච්චියට දාද්දි නිර්මලා කැවුම් ටික රන්වන් පාට වෙන්න බැද බැද ඒ ලගම තිබ්බ භාජනේට අඩුක් කලා.වලව් මුලුතැන්ගෙයි වැඩ කරන සුපිපි කෙල්ල සිසිල් බීම වීදුරු උස්සගෙන ඇවිත් වැඩ කරන සේවකයො ටිකට අල්ලගෙන යද්දි බීම වීදුරු දෙක අත් දෙකෙන් ගත්ත නේත්‍ර නිර්මලාටත් බිම පොව පොව තමන්ගෙ බීම එකත් බොන්න ගත්තා.

හෝරාවක් දෙකක් ගත වෙන තැන කැවිලි පෙවිලි වල වැඩ කටයුතුත් හමාර වීගෙන එමින් තිබ්බා.විටින් විටේ වැඩ බලන මුවාවෙන් වලව් මුළුතැන්ගෙට රිංගන වලව්වෙ සුදුබේබි තමන්ගෙ පුංචි ආදරවන්තයගෙ කොහෙට හරි ඇනලා ඒකව රතු ගස්සවලා මුකුත් නොවුණා වගේ අර ආඩම්බරකාර ගමනින්ම මුළුතැන්ගෙයින් එලියට යනවා.ආයෙ විනාඩි දහයක් ගත වෙන්නත් කලින් වැඩ කටයුතු වල සුපරීක්ෂණේට එන සුදුබේබි පිලිකන්නට වෙලා වැඩ පල කරන නේත්‍රගෙ කට අස්සට කේක් කෑල්ලක් හරි බිස්කට් එකක් හරි ඔබලා මුකුත් නොකලා වගේ සැක නොහිතෙන විදියට ආයෙමත් මුළුතැන්ගෙයින් පිට වෙනවා.නේත්‍ර ආශවගෙ මේ වැඩ නිසා සෑහෙන්න අසරණ වෙලා හිටියත් ආශව කපටිකම් හොදට කරන්න දන්න නිසා මේවා කාටවත් අහු නොවී කරනවා කියලා නේත්‍ර දැනන් හිටිය නිසා නේත්‍රගෙ හිත කලබල වුණේ නෑ.

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now