41 කොටස🤍✨

1.7K 279 411
                                    

"සුදු පුතා.....මෙහෙට ටිකක් ආවනම්"

"කියන්න අප්පච්චි"

නුවර අහස මුදුනෙ සූර්යයා විරාජමානව බබලද්දි ඒකෙන් පිටවෙන රශ්මි කදම්භ දරන්න බැරි උනු ගහ කොලන් හාමත් වෙලා හිටියා.මේ ටිකේම වැහි පොදක් පොලවට පතිත නොවෙද්දි මැලැන්සි වෙලා ගිය ගහ කොලන් ටිකක් හරි පණ ගැහුවෙ මිනිහෙක් හවහට ගස් මුල් වලට දැම්මෙ වතුර ඩිංගිත්තකින්.වලව්වත්තෙ තියෙන ගස් කොලන් ටිකනම් ඒවට ලැබෙන සාත්තුවෙන් පණ ගහලා ඉද්දි පාර අයිනෙ හව්හරණක් නැතුව තියෙන ගහ කොලන් බාගෙට මැරිලා තිබුනා.

හුලගට ගහං ඇවිත් ඉස්තෝප්පුවෙ වැටිලා තිබුණු අඹ කොල තුන හතරකට පයින් ගැහුව ආශව කරෝලිස්ට ඒ පැත්ත අතුගාන්න කියලා කෑගහලා කියන ගමන් මහ මුදියන්සෙ ලගට ඇවිත් එතනම තිබ්බ පුටුවකින් ඉදගත්තා.වලව් වත්තට ඇහැ යොමාගෙනම උන්නු මහ මුදියන්සෙ උගුරත් පාදන ගමන් ආශවගෙ දිහාවට හැරෙද්දි ආශව හිටි විදියටම ඈත පේන ආකාහෙ දිහා බලාගෙන හිටියා.

"දැන් පාඩම් වැඩ මොකෝ සුදුපුතා?"

"කරගෙන යනවා අප්පච්චි....ප්‍රශ්නයක් නෑ"

"එතකොට ක්‍රිකට් වැඩ?"

"ඒකත් කරගෙන යනවා අප්පච්චි"

"හ්ම්ම්ම්ම්......ඒත් සුදුපුතා වැඩියෙන්ම බර දාන්නෙ ක්‍රිකට් පැත්තට?"

"ඒකනෙ මගෙ හීනෙ අප්පච්චි....මම මහන්සි වෙන්නෙ ඒකට"

"පුතා ක්ලබ් එකක් බැලුවද?"

"ස්කූල් ගිහින් ඉවර වෙනකං අපේ ක්ලබ්ස් වලට ජොයින් වෙන්න දෙන්නෙ නෑ අප්පච්චි.ඒලෙවල්ස් ඉවර උනාම තමා බලන්න ඕනි....අනික කෝච් කිව්වෙ මට එයාලම ලෙටර් එකක් එවයි කියලා"

"පුතා ගැන කෝච්ගෙන් අහලත් තිබ්බා එක ක්‍රිකට් ක්ලබ් එකේ දෙතුන් දෙනෙක්?"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now