40 කොටස🤍✨

1.9K 296 581
                                    

"මේ ඉන්නෙ හරකා"

"ඔහොම කියලා හරි යන්නෙ නෑ තෙවින්!!!"

ආශවයි නේත්‍රයි වත්ත පහල පිට්‍ටනියෙ ලාවුළු ගහ යටට එද්දි ආව සද්දෙ නිසා දෙන්නා ගමන ඉක්මන් කරලා ඒ පැත්තට ගියා.දිවාෂ තෙවින්වත් අල්ලගෙන මොකක් හරි කර කර ඉද්දි සසරම එපා වෙලා වගේ හිටිය දෙවින් ෆෝන් එකත් උස්සගෙන ඒ විගඩම් දිහා බලාගෙන හිටියා.ආශවයි නේත්‍රයි දෙන්නා දිහා බලලා හිනාවක් පාපු දිවාෂ ආපහු පාරක් තමන්ගෙ වැඩේට අවධානෙ යොමු කලා.

"මොකද්ද බං අර වෙන්නෙ?"

"මොකක් හරි කම්පිටිෂන් එකක් තියේලු ඉස්කෝලෙ....ඩ්‍රාමා ක්ලබ් එකේ.නේත්‍ර මල්ලි?"

"ඕ දෙවින් අයියෙ තියෙනවා.අපි කැමති කැටගරි එකකින් ඒකට ජොයින් වෙන්න පුළුවන්.මම නාට්‍ය පිටපතක් ලියන ගමන් ඉන්නෙ.....දිවාෂ නම් අර ඇඩ් එකක් කරලා පෙන්න එක වෙන්න ඇති ඔය කරන්නෙ?"

"ඒ මොකද්ද නේත්‍ර?"

"මොකක් හරි ඇඩ් එකක් තෝරගෙන අපි ඒක කරලා පෙන්නන්න ඕනි සුදුබේබි.වීඩියෝ එකක් කලාම හරි.දැන් දිවාෂට තියෙන්නෙ ඒ ඇඩ් එකේ විදියට ඒක ඇක්ට් කරලා ලස්සනට එඩිට් කරලා කම්පිටිෂන් එකට දාන්න"

"ඕ.....හරි හරි"

කට්ටියම සද්ද බද්ද නැතුව බලාගෙන හිටියෙ දිවාෂගෙ වැඩේ දිහා.තෙවිනුත් මොකාද එකා වගේ දිවාෂට ඕනි ඕනි විදියට හැරි හැරී ඉන්නවා.

"හරකෙක් නෑනෙ යුගාන් ඉතින්"

"හරකව ගේන්නම් බං හරි වීඩියෝ එක කරන දවසට.තමුසෙ ඉස්සෙල්ලාම ගැම්මට මේක කියන්න පුරුදු වෙනවකො"

"හා හරි"

"දැන් මෙහෙමයි හරිත? උබර් එනවා අර පැත්තෙ ඉදන්.හරකා එනව උබගෙ ඉස්සරහට"

"මම දුවනවා?"

"දුවන්නෙ මොන ලබ්බකටද මිනිහො!!! මම මැද්දට පයිනවා.පැනල කියනවා "බය වෙන්න එපා මල්ලි" කියලා"

"ඉතින් මම ඔයාට අයියනෙ වෙන්නෙ යුගාන්!!!"

"තෙවින්!!! උබ මට කියලා මෙතනම....."

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now