27 කොටස🤍✨

1.6K 319 280
                                    

"ඔව්! මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ තෙවන කඩුල්ලත් එලෙස දැවී යනවා.කොලඹ නාලන්දා විද්‍යාලයේ වේග පන්දු ක්‍රීඩක ඉරේෂ් වින්දන ඔහුගේ දෙවන කඩුල්ලත් එලෙස ලබාගන්නවා"

"ඔව් අසේල.පන්දුවාර 25ක් තුලදී ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායම ලකුණු 170ක් රැස් කරගත යුතුයි.අපි බලමු! දැන් පිටියට පිවිසෙන්නේ ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කරමින් දිහන්ස සිංහවංශ."

බැට් එකත් වන වන පිට්ටනියට පය තිබ්බ දෙවින් ලකුණු 52ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් කණ්ඩායමට රැස් කරලා දීලා පිට්ටනියෙන් ඉවතට එන ගමන් හිටි රධීන්ගෙ පිටට තට්ටුවක් දැම්මා.එහෙම්මම බැට් එක එහෙ මෙහෙ හරෝ හරෝ පොඩි වැඩ කිඩ ටිකක් දැම්ම දෙවින් තවමත් තවමත් නොදැවී හිටි ආශවගෙ පිටටත් තට්ටුවක් දාලා ක්ෂණික වැලදගැනීමක් කරන ගමන්ම කඩුල්ල ලගට ගිහින් හිටගත්තා.තමන්ගේ වටේට හිටගෙන හිටි නාලන්දා ක්‍රීඩකයන්ගේ සමච්චල් සහගත මූණු ටික දැක්ක දෙවින් දත්මිටි කාගෙනම බැට් එක හයියෙන් අල්ලගත්තා.

"දෙන්නම් පුතේ උබර්ලට හික් ගෑවෙන්න"

ඒ එලඹුනේ නාලන්දා ක්‍රීඩකයන්ගෙ පසුබැසීමේ අවධියේ මුල් අදියර.දෙවින් ආශව දෙන්නා එකතු වෙහා ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනගන්න ගත්තෙ පිට්ටනිය වටේටම ඇහෙන නාලන්දා සිසුන්ගේ ජය ඝෝෂා කනකටවත් නොගෙන.මේ වෙද්දිනුත් ආශව ලකුණු පනහෙ සීමාව පහු කරලා අර්ධ ශතකයක් ලබාගෙන තිබ්බ නිසා නාලන්දා ක්‍රීඩකයන්ගෙ ලොකුම අධිෂ්ඨානය වුණේ ආශවට ශතකයක් සම්පූර්ණ කරන්න නොදී දවාගැනීම.

ඒත් ඒකට ලොකු බාධකයක් විදියට දෙවින්ගෙ පැමිණීමත් එක්කම දැඩි අධිෂ්ඨානක්,විශ්වාසයක් ගොඩනගාගත්තු ආශව හරස් වුණා.කලින්ටත් වඩා ආවේගශීලී වුණු ආශව හැරෙන හැරෙන පැත්තට පන්දුවට පහර දෙද්දි දෙවිනුත් ඊට නොදෙවෙනි විදියට ක්‍රීඩා කරමින් හිටියා.

"ඔව්.මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද දින ලබාගන්නා තුන්වන අර්ධ ශතකය සනිටුහන් කරමින් දිහන්ස සිංහවංශ මේ අවස්ථාවේදී අර්ධ ශතකයක් රැස් කරගන්නවා!"

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now