බබාලා ප්ලීස්........මේක අනිවාර්යයෙන්ම කියවන්න💔

1.7K 245 83
                                    

මම දන්නෙ නෑ බබාලා මම මේක මෙහෙම ලියන එක හරිද කියන්න💔
ඒත් මට නොලියා ඉන්න බැරිවුනා.

මම අලුත් ඕතර් කෙනෙක්.තාම පුංචි තැනක ඉන්න කෙනෙක්.ඒත් ඒ කතාව........

"නිවාලන්න මා......."

ඒක මගෙ ජීවිතේම ලොකු වෙනසක් කරපු කතාවක් කිව්වොත් හරි.මම ඒක ලියන්න ගත්තෙ පුදුම ආසාවකින්.ඔලුවට ආව ප්ලොට් එකක් ගැන හිතලා හිතලා ඒක ලියන්න ගත්තෙ.නොහිතුව විදියට ඒක රීඩර්ස්ලා අතරට ගියා.රීඩර්ස්ලා පුදුම විදියට ඒකට ආදරේ කරන්න ගත්තා.

"ගැටපිච්ච මල"

එහෙම කිව්ව ගමන් නේත්‍ර,සුදුබේබි කියන චරිත දෙක මතක් වෙන තැනට වෙනකං මේ වෙද්දි කතාව ගේන්න මට පුළුවන් උනා.ලොකුකමක් කියවනවා නෙවේ බබාලා.ඒත් ඒක එහෙමයි කියලා ඔයාලත් දන්නවා❤️ සමහර බබාලා ගැටපිච්ච මල් තමන්ගෙ අල්මාරියට දාගන්න,ගැටපිච්ච මල් වැල් ගෙදර හිටවගන්න පවා මට්ටමකට ආවා කියලා ඔයාලා දන්නවද? ඒකට එච්චරටම කට්ටිය ආදරේ කලා.

ගැටපිච්ච මලම මේකට මම දැම්මෙ ගම වටේ ඇවිදලා සමන්පිච්ච මල් දෙක තුනක් කඩාගෙන,ගෙදර තිබ්බ වැලෙන් ගැටපිච්ච මලක් කඩාගෙන,ඒ දෙක ඉබලා......අන්තිමේදි හිත නිවන සුවද හොයාගෙන කතාවට ගැටපිච්ච මල දැම්මෙ.

"ඒත් ඒ ගැටපිච්ච මලම ඒ කතාවෙ ඉන්න බොටම්ට සමාන කරලා කෙනෙක් ලියනවනම්? ඒ කතාව ඇතුලෙත් ගැටපිච්ච මල උලුප්පන්න හදනවනම්?"

මලෙන් විතරක් නැවතුනානම් හිත හදාගන්න තිබ්බා.ඒත් එයා එතනින් නැවතිලත් නැහැ.

වලව්වක්,වලව්වෙ පොඩි බේබි කෙනෙක්,වලව්වෙ වැඩ කරන කෙනාගෙම පුංචි පුතෙක්,මගෙ කතාවෙ ආරම්බෙ තියෙනවා වගේම කෑල්ලක් ගෙඩි පිටින්,නේත්‍රට ගහන්න දෙන්නෙ නැතුව නිර්මලාට සුදුබේබි සැර කරනවා වගේ කෑලි,කොල්ලො දෙන්නට කතා කර කර ඉන්න වලව් වත්ත පහල යම් කිසි ගහක් යට තියෙන ලී බංකුවක්,නිර්මලා නේත්‍රගෙ සුදුබේබිගෙ බැදීම් ගැන හිතනවා වගේම ඒ කතාවෙ අම්මගෙ හිතෙත් ඇතිවෙන හැගීම්,සුදුබේබි අලුත් ඉස්කෝලෙක යන්න බෑ කියලා රණ්ඩු කරන සිද්ධිය වගේම සිද්ධියක්,නපුරු අප්පච්චි කෙනෙක්,ලොකු මැණිකෙ වගේම ආදරණීය අම්මා කෙනෙක්......

නේත්‍ර "නේට්ට" වුණු සිද්ධිය මතකයි නේද?

ඒවගේම නම අහන සිද්ධියක්,"කෑගැහුවොත් මරනවා" කියලා සුදුබේබි නේට්ටට සැර කල ව්ගේ එකක් සහ මම දෙබස් වලට අමතරව අර ලියන්නෙ third pov එක.අන්න ඒවගේ ඒවා සෑහෙන්නම..........

ඒ හැමදේම අහම්බයක් වෙන්න බෑ නේද බබාලා.මට මේක හම්බුනේ උදේ.ඒක මට විතරක් හිතෙන දෙයක්ද කියලා හිතිලා මම මගෙ කතාව කියවන වට්සැප් එකේ ඉන්න බබාලටයි,ඕතර්ස්ලා දෙතුන් දෙනෙක්ටයි ඒ කතාවෙ ss දැම්මා.හැමෝටම දැනුනු දේ "මේක නිවාලන්න මා වගේමනෙ?" කියන එක.එක බබෙක් හිතලා තිබ්බ මම නේත්‍රගෙ නම ඒ කතාවෙ බොටම්ගෙ නම වගේ වෙනස් කරලා වෙන කතාවක් ලියනව  කියලා.එච්චරටම ඒවා එක වගේ.මම හිතුව එක හරි ගියා.ඒක හැමෝටම දැනුනා.

මට තේරුනා මගෙ වරදක් නෑ කියලා.

මම කතාව ලියන්න අරගත්තෙ අගෝස්තු.

එතකොට ඒ අදාල කතාව තාම සති දෙකක් වගේ පටන් අරං.එතකොට තේරෙනවනෙ?

මම ආත්මාර්ථකාමී ඇති.

ඒත් මම කැමති නෑ බබාලා,
"ගැටපිච්ච මල" කියද්දි නේට්ට සුදුබේබි ඇරෙන්න
වෙන ජෝඩුවක් මතක් වෙනවට.
මොකද ඒක මගෙ මහන්සිය.මගෙ අදහස❤️

මම අවාරෙක මල් එකේ ඉන්ට්‍රො දැම්මා.මට බයයි දැන් ඒකත් අරං එහෙම කවුරුහරි ලියයිද කියලා.

ඒ අදාල ඕතර් මගෙ කතාව,ඩොලීගෙ කතාව දෙකම රීඩින් ලිස්ට් තියාගෙන ඉන්නවා.ඉතින් එයා කියෙව්වෙ නැති වෙන්න බැහැ.නොකියවා එහෙම ලියන්නත් බෑ.ඒක ඕනි කෙනෙක්ට තේරෙනවා.
කවර් එක පවා නිවාලන්න මා එකට සමානයි💔

ඊටත් වඩා වැඩේ......

එයා ඒ කතාව ලියන්නෙ මගෙ නිවාලන්න මා එකේ බාගෙකුයි,ඩොලීගෙ වස්සාන හාදු එකෙන් බාගෙකුයි දාලා💔 ඩොලී කොච්චර පෞද? අපි දෙන්නා එකම වයසෙ.ඉතින් අපිට කොච්චර නම් දුක ඇද්ද? ඩොලී ඉන්නෙත් පුදුම වේදනාවකින්.
ඩොලීත් වස්සාන හාදු නවත්තන්න ඉන්නෙ........
බබාලා මේ දේ මටත් දරන්න අමාරුයි.
නිවාලන්න මා එක අද අප්ඩේට් එකක් දෙන්න හිටියත්..........මම ටික කාලෙකට මේ දේවල් වලින් ඈත් වෙන්නම්.මට සමාවෙන්න.

මට ඇඩුනත් එක්ක.

මම පොඩි ඕතර් කෙනෙක් වෙලත් ඇයි එහෙම ?

ඇයි ගැටපිච්ච මලක්ම?

නේත්‍රටයි සුදුබේබිටයි ආදරේ කරනවට ඔයාලට මම හුගක් ආදරෙයි.

මම ගිහින් එන්න බලන්නම් බබාලා🥺💔

කැමීලියා ආදරෙයි ඔයාලට🥺❤️
ගැටපිච්ච මලක් තරමටම❤️

මම කැමීලියා💔

නිවාලන්න මා... (Taekook nonfic)Where stories live. Discover now