02 💖

125 13 0
                                    


    '' අනේ දෙවියනේ පොඩි බේබි. කව්ද මේ........ ''

   අජුම්මා ඇහුවේ jungkookවත් එක අතකින් අල්ලන් එන ටේ ගෙන්.

   මීට කලින් කිසි දවසක ටේ එයාගෙ ගෙදරට කාවත් එක්කන් ඇවිත් නෑ මෙහෙම. ඒ කිව්වෙ අතින් අල්ලන් , ගෙදර නවත්ත ගන්න.

   '' මං විස්තරේ කියන්නම්කො අජුම්මා.... ඉස්සෙල්ලා මෙයාට ඉන්න room එක ready කරලා දෙන්න. ''

   '' හරි හරි පොඩි බේබි. ''

   කිව්ව දේ ඔලුව නවලා පිළි ගත්ත අජුම්මා ඉක්මනින් ගියේ jkට room එක ලෑස්ති කරලා දෙන්න.  

   එතකන් jungkookව සාලේ sofa එකෙන් ඉන්දවලා ටේ ගියේ wash එකක් දාන් එන්න කියලා.



     විනාඩි  15 කට විතර පස්සෙ අජුම්මා ඇවිත් jungkookව අල්ලන් එයාගෙ room එකට එක්කන් ගියේ ටේට පිංසිද්ද වෙන්න තාම එයාට පොඩ්ඩක් ඇවිදින්න අමාරු හින්දා.....
.
.
.
.
.
.
.
.
   ටේ අද සිද්ධ උන හැමදේම අකුරක් නෑර ජිමින්ට කියලා තිබ්බා. මොකද ඉතිං ජිමින්ට කියන්නෙ නැති කිසි දෙයක් ටේ ගාව තිබ්බෙ නෑනෙ.

   ඒක ඇහුවම confuse උන ජිමින් රෑ වෙලා ටේගෙ ගේ පැත්තෙ ආවෙ විස්තරේ හරියටම දැන ගන්න.

    ජිමින් ගැන දන්නවනෙ ඉතිං ඔයාලා. කව්රු හරි cute , ලස්සන කොල්ලෙක් දැක්කම මිනිහට ඉන්නම බෑ. ජිමින්ට දැන් නිකං නළියනවා වගේ. ඇයි ඉතිං දෙවියනේ jungkook කියන්නෙ සුරදූතයෙක් වගේ කොල්ලෙක් නෙ.

    '' ඒ බං මෙච්චර cute කොල්ලෙක් මෙහෙම ඉද්දි කොහොමද බං උඹ රෑට නිදා ගන්නෙ ??? ''

    ජීමින් කිව්වෙ ටේගෙ කනට කරලා.
හැමෝම හිටියෙ රෑ කෑම කන ගමන්. ඒත් ඉතිං ජිමින්ට නම් නිකං කන එක උගුරෙන් පල්ලෙහාට යන්නෙ නෑ වගේ.

  '' කට පියාගෙන කාපන් ජිමින්. උඹටත් කව්රු හරි හිටියොත් කෙල හල හල ඉන්න , වෙන මුකුත් ඕනෙ නෑ නේද ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now