17 💖

80 10 0
                                    

Two babies

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Two babies......💜💚🥺

_____________________________________

   
      '' ජීමින් ???? Mr. ජීමින් ඔයා හොදින් ද ???? කතා කරන්න........ " 

   car එකෙන් බැහැලා ජීමින් ලඟට දුවන් ආපු යුන්ගි ඇහුවෙ මෙතන උනේ මොනාද කියලා වත් දන්නෙ නැතුව.

      බොරු කියන්න ඕනෙ නෑනෙ , යුන්ගි නම් හිටියෙ හොදටම බය වෙලා. මොකද ජීමින් හුස්ම ගන්නෙත් ටිකක් අමාරුවෙන් වගේ. ඒ වගේම එයාගෙ මූණ , බෙල්ල තුවාල වෙලා. ඉතිං ඉක්මන් උන යුන්ගි ජීමින්ව උස්සලා අරන් ගිහිං එයාගෙ car එකට දා ගත්තෙ හරිම පරිස්සමට. ඊට පස්සෙ වේගෙන් hospital එකට ගියේ ජීමින්ට මුකුත් වෙන්න එපා කිය කිය ප්‍රාර්ථනා කරන ගමන්.

    කොහොම හරි ඉතිං ඉක්මන්ට hospital එකට එක්කන් ආව ජීමින්ව doctor check කරනකන් යුන්ගි එලියට වෙලා ඉදගෙන හිටියෙ ගොඩක් කලබලෙන්. කොල්ලගෙ ඇගෙන් දාඩිය බේරෙනවා. ඒ තරම් කොල්ලා බය වෙලා හිටියෙ. එතකොටයි යුන්ගි room එකේ ඉදන් එලියට එන doctorව දැක්කෙ. ඒත් එක්කම ඉක්මන් උන යුන්ගි doctor ලඟට ගියේ ජීමින්ට කොහොමද කියලා දැන ගන්න.

   '' doctor , කොහොමද එයාට ???
ප්‍රශ්ණයක් නෑ නේද ???  ''

   '' නෑ නෑ දැන් නම් බය වෙන්න දෙයක් නෑ. ඒ උනාට....... ''

   '' ඒ උනාට කිව්වෙ doctor ??? "

   " මේ.... sir කව්ද මෙයාගෙ ?? "

   " මං..මං මෙයාගෙ යාළුවෙක් ?? "

   " අහ්..... එහෙනම් කමක් නෑ. පොඩ්ඩක් මෙයා ගැන බැලුවොත් හොඳයි. එයා ඉන්නෙ ටිකක් විතර අවුලින් කියලයි මට හිතෙන්නෙ. එයාගෙ පවුලේ කාට හරි , එයාව ලගින්ම දන්න කෙනෙක්ට හරි දැනුවත් කරලා තිබ්බොත් හොඳයි කියලයි මං නම් හිතන්නෙ.  ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now