18 💖

94 8 0
                                    

      
     ලමයි.........
   මං yoonmin මෙතනින් නවත්තනවා. මොකද ඉතිං මේක taekook නෙ. ඔයාලට ඕනෙ නම් yoonmin story එකක් වෙනම දෙන්නම්.
 
     ඉතිං එදා රෑ සිද්ධ උන දෙයින් yoonmin ඩබල ලං උනා. එයාලා දෙන්නා දැන් එකටයි ඉන්නෙ 🤭❤️

______________________________________

    ( 1 week later )

      අද jungkook නම් ඉන්නෙ ගොඩාක් සතුටින්. ඒකට හේතුව ටේ trip එකක් plan කරලයි තිබ්බෙ. ටේ කොච්චර busy උනත් , කොච්චර මහන්සි උනත් එයාගෙ ආදරේ වෙනුවෙන් එයා හැම තිස්සෙම වෙලාවක් වෙන් කර ගත්තා. ටේගෙ මුලු ලෝකෙම ඉතිං මේ කොල්ලානෙ.

   ඉතිං දෙන්නම ඇදුම් බෑග් ටික car එකට දාගෙන යන්න ලෑස්ති උනේ පරක්කු වෙන නිසා. car එක යන්න පිටත් වෙද්දි jungkook ශටර් එක පහත් කරලා දොර ලඟ හිටන් ඉන්න අජුම්මාට අත වැනුවේ හරියට පොඩි බබෙක් වගේ. මේ දිහා බලන් ඉන්න ටේට ලාවට හිනා ගියේ මේ කොල්ල කරන හුරතල් වැඩ බලන් ඉන්න හිතෙන තරමටම හුරතල් වැඩි නිසයි.

    
    කොහොම හරි ඉතිං මෙයාලා ගමන යන අතරතුරේ jungkookගෙ නම් කටට නිවනක් නෑ. trip එක පටන් ගත්ත වෙලේ ඉදන් සිංදු කියනවා.

    '' දැන් මැණිකගෙ කට රිදෙනවා ඇති නෙ , පොඩි break එකක් අරන් ආපහු පස්සෙ කියන්න. ''

    ටේ 65 වෙනි පාරටත් කිව්වෙ , එයා කොච්චර කිව්වත් මේ කොල්ලා ඒක කනකටවත් අහන්නෙ නැතුව දිගටම සිංදු කියන නිසා.

    '' අයියෝ.....ටේ , අපි ඇවිල්ලා ඉන්නෙ trip එකක් නෙ. ඇයි ඔයාට මගේ ලස්සන voice එක අහන් ඉන්න බැරිද ටේ......''

    '' නෑ නෑ පණ එහෙම එකක් නෑ , මගේ වස්තුවගෙ voice එක තරම් මට මේ සිංදුව කියන එකාගෙ voice එක වත් ලස්සන නෑ. ඔයාට අමාරු නිසා නෙ කිව්වෙ , singer කෙනෙක්ට උනත් break එකක් ඕනෙ. නැත්තං voice එක නැති වෙයි. ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now