05 💖

122 13 0
                                    


     jungkookගෙ ඇඩිල්ල ටිකක් විතර නතර වෙනකං පිට අත ගගා හිටපු ටේ කතා කරන්න පටන් ගත්තෙ කොල්ලගෙ ඇඩිල්ල ටිකක් අඩු උන නිසා.

    '' jungkook. ඔයාට පුලුවන් නම් විතරක් මට ඔයාගෙ කතාව කියන්න. මං අහන් ඉන්නම්. ''

     ටේ එහෙම කියද්දි මුකුත්ම නොකියා බිම බලාගෙන හිටපු jkගෙ අතින් අල්ල ගත්ත ටේ ආපහු ඒකම ඇහුවා.  ඊට පස්සෙ ටිකක් වෙලා ටේ ගෙ මූණ දිහා  බලන් හිටපු jk කතා කරන්න පටන් ගත්තා.

   '' ම..මට ඔම්ම කෙනෙක්වත් අප්ප කෙනෙක්වත් නෑ ටේ. මං පොඩි කාලේ ඉදන් හිටියෙ ළමා නිවාසෙක. ඊට පස්සෙ................... ''

     Jungkook අකුරක් නෑර එයාගෙ ජීවිත කතාව ටේට කිව්ව. ටේත් වචනයක් වත් කියන්නෙ නැතුව ඒ හැම වචනයක්ම හොඳට අහන් හිටියා.

     මුකුත්ම නොකිව්වට jk ඒ කියන අකුරක් නෑර ටේගෙ හිතේ ඒ මිනිස්සු ගැන ලොකු කේන්තියක් වගේම ලොකු වෛරයක් ඇති උනා. ඇයි දෙවියනේ මේ පොඩි හුරතල් කොල්ලට එහෙම දෙයක් කළේ.........

   '' එදා රෑ උන දේත් මට හොඳටම මතකයි ටේ. sorry අමතකයි වගේ act කළාට. ''

     Jk එහෙම කිව්වමයි ටේගෙ ඇස් දෙක උඩ ගියේ.

     '' මොකක් ????? ''

     '' ඔව් ටේ. ඒත් එදා ඔයාගෙ car එකට මාව හැප්පුන එක ගැන මං තාමත් සතුටු වෙනවා. මොකද මං මෙහෙට ඇවිල්ලා තාම දවස් 3යි උනාට , ඒ දවස් 3 නිකං මට අවුරුද්දක් වගේ. ''

       Jk එහෙම කියද්දි ටේගෙ හිතේ ලොකු සතුටක් වගේම jungkook ගැන ලොකු අනුකම්පාවක් ආවා. අනේ මේ කොල්ලව හැමදාම මෙහෙ තියා ගන්න පුලුවන් නම් , එයාව මේ වගේ හැමදාමත් සතුටින් තියන්න පුලුවන් නම්.

      ඒත් ටේගෙ මූනෙ තිබ්බ සතුට නැති වෙන්න විනාඩියක් ගියේ නෑ. jungkook කිව්වම එයා හෙටම මෙහෙන් යන්නම් කියලා.

      '' එපා......... ඔයා මෙහෙ ඉන්න jk. ''

     '' මො..මොකක්ද ?? ඒත්..... ''

    '' කොහොමත් ඔයාට දැන් යන්න තැනක් නෑනෙ. අනිත් එක මායි අජුම්මයි තනියෙන් නෙ මෙහෙ ඉන්නෙ. ඉතිං ඔයා හිටිය කියලා මුකුත් වෙන්නෙ නෑ. අජුම්මත් ගොඩක් කැමති වෙයි. ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now