06 💖

100 11 0
                                    

ළමයි..... මේ කොටස දෙන්න ඉස්සෙල්ලා දෙයක් කියන්න ඕනෙ.....

    මේ කතාවට මං දාන චරිත real life එකෙන් මනින්න එපා හොදේ..... මං නිකං දාන්නෙ.

    මං ගැන වත් එයාලා ගැනවත් වැරදියට හිතන්න එපා. 🥰
 
   එහෙනම් අපි දැන් කතාවට යං.

______________________________________

      අද උදේ ඉදන්ම jungkook ඇහැරිලා. අජුම්මා එක්ක කියව කියව එයාගෙ පස්සෙන්මයි. එක වෙලාවකට අජුම්මට හිනත් යනවා මේ කොල්ලා කියන දේවල් වලට.

   '' මොනාද මේ අද කොල්ලා උදෙන්ම නැගිටලා කියවන්නේ....... මට නිදා ගන්නත් නෑ කටේ සද්දෙට. ''

     කුස්සියේ කියව කියව ඉන්න අජුම්මගෙයි , jungkookගෙයි ලඟට ආපු ටේ එහෙම ඇහුවෙ වෙන අහන්න දෙයක් නැති නිසා. 

    එයාට ඕනෙ උනා මේ දෙන්නා මොනාද මෙච්චර කියවන්නෙ කියලා දැන ගන්න, කොහෙද ඉතිං ඒක අහන්න බෑනෙ කෙලින්. ඒකයි එහෙම කිව්වෙ , නැතුව අර උඩ තට්ටුවේ කොනක තියෙන කාමරේකට මේ කොල්ලගෙ සද්දෙ ඇහැයිද.........

    කොහොම හරි ඉතිං ටේ එහෙම කිව්වම එයා ලඟට දුවලා ආපු jk ටේගෙ අතේ එල්ලුනේ කොල්ලගෙ ඇස් දෙකත් ලොකු වෙද්දි.

    '' අනේ sory ටේ ඔයාගෙ නින්ද කැඩුව නම්...... මේ ඒක නෙමෙයි. අපි කීයටද යන්නෙ ??? "

    '' ඔච්චර ආසයි ද party වලට යන්න. හ්ම් ''

    එහෙම ඇහුවම jungkook ඔලුව වනලා ඔව් කිව්වෙ ටේගෙ අතේ එල්ලිලාමයි.

   

    දැන් වෙලාව 6.00 යි. party එක පටන් ගන්නෙ 7.00 ට. ඉතිං හිමීට ලෑස්ති උන ටේ පල්ලෙහාට ආවෙ phone එකත් ඔබ ඔබ. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ටේ කියන්නෙ වෙලාවට neat එකට වැඩ කරන කෙනෙක් නෙ. ඉතිං එයාගෙ වැඩේ ඇද ගත්ත වෙලේ ඉදන් hotel එකට msg දදා ඒ වැඩ ටික හොයලා බලපු එක.

     තනි කළු පාටින් ඇදගෙන හිටපු ටේව අද මාරම handsome විදිහට පෙනුණා. කොන්ඩෙත් උඩට පීරලා , කළු පාරින්ම tie එකත් දාලා හිටියෙ කියා ගන්න බැරි තරම් ලස්සන look එකක් එක්ක. 

Show me love ( Complete ✅ )Where stories live. Discover now