04 💖

105 11 0
                                    


අද jungkook නැගිටිද්දිත් ටේ නම් office ගිහිං ඉවරයි. wash එකක් දාන් ටේ අරන් දීපු අලුත් ඇදුමකුත් ඇදගෙන පල්ලෙහාට ආවෙ අජුම්මව හොයාගෙන.

'' අජුම්මා..... good morning ''

'' ආ..... good morning බේබි. අද මොකෝ මේ වෙනදට වඩා සතුටින් ''

අජුම්මා ඇහුවෙ පඩිපෙළ දිගේ උඩ පැන පැන එන jungkookගෙන්.

ඒක ඇත්ත , අද jk ඉන්නෙ ගොඩක් සතුටින්. ඊයෙ දවස ගැන එයාගෙ හිතේ ගොඩාක්ක් ලොකු සතුටක් තිබ්බා.

ඉතිං jk එකක් නෑරම අජුම්මට කිව්වා. අජුම්මත් හරිම ආසාවෙන් මේ කොල්ලගෙ කතාව අහන් හිටියා.


දැන් නම් වෙලාව 1 ට විතර ඇති. jungkookට හොඳටම කම්මැලි. එයාට කරන්න කිසි දෙයක් ගෙදර තිබ්බෙ නෑ.

ඉතිං එයා තීරණේ කරා පොඩ්ඩක් park එකට යන්න. ඒත් කොහෙද අජුම්ම නම් ඒකට පොඩ්ඩක් වත් ඉඩ දුන්නෙ නෑ. අජුම්මා එහෙම කරන එක ඉතිං පුදුමයක් නෙමෙයි , ටේ හැමදාම වැඩට යන්නෙ අජුම්මට jkව භාර දීලා කියලා jungkook දන්නෙ නෑනේ.

'' අනේ බේබි ගෙදරට වෙලා ඉන්න. ඔයාට කම්මැලි නම් අපි මොකක් හරි සෙල්ලමක් කරමු. හා ද ??? "

'' ඔ..ඔය ඇත්තමද ????/''

අජුම්මා ඒකට කැමති උනේ එයාට වෙන කරන්න දෙයක් නැති නිසා.

ඒත් ඉතිං ඒ වැඩ විනාඩි 20 කට වඩා නම් කරන්න බැරි උනා. අර කොල්ලගෙ සෙල්ලම් වලට දැන් අජුම්මා කලන්තෙ දාන්න ඔන්න මෙන්න වගේ හිටියෙ. අර වයසක අහිංසකයාට ඔච්චර දඟලන්න පණ තියෙනවද අප්පා.

jungkookගෙ සෙල්ලනුත් එසේ මෙසේ ඒව නෙමෙයි නෙ ඉතිං. එක පාරක් අල්ලන් සෙල්ලම් කරමු කිව්ව , ඒක මහන්සි වැඩි කිව්වම එහෙනම් හැඟීමුත්තම් කරමුලු , අනේ දෙවියනේ අර මනුස්සයාගෙ කොන්දයි , කකුලුයි කැඩෙන්න වගේ රිදෙනවා.

ඉතිං තවත් නම් මේක අජුම්මට ඉවසන්න බැරි උණා. jungkookගෙ වැඩේ එලියට යන්න හදන එකනෙ.

'' හරි බේබි , ඔයා එහෙනම් පොඩි බේබිට call එකක් දීලා අහලා ගියොත් හොඳයි නේද ''

'' ඒ ඇයි ?? මං මොකටද කාගෙන්වත් අහන්නෙ අජුම්මා , එයා කිව්වද එහෙම එකක් ??/"

Show me love ( Complete ✅ )Where stories live. Discover now