19 💖

87 9 0
                                    


     ( 1 week later)

    
       හැමදාමත් වගේ love birds ලා දෙන්නෙක් වගේ තුරුල් වෙලා බදාගෙන නිදාගෙන හිටපු ජෝඩුව එකපාරට ගැස්සීලා නැගිටුනේ මහා හයියෙන් සද්දයක් ඇහුන නිසා.

      '' KIM TAEHYUNG !!!!!!!!!!! "

          ඒ ඇහුණේ වෙන කාගෙවත් කටහඬක් නෙමෙයි ටේගෙ ආදරනීය පපා Kim Seokjin ගෙ කටහඬ.

       එක පාරට උඩ ගිහිං ඇහැරුන ටේ ,

    '' ප..පපා......... ඔයා කො..කොයි වෙලේ ද soul ව..වලට ආවෙ......''

      බොරු කියන්න ඕනෙ නෑනෙ ටේට කතා කර ගන්නවත් බෑ , ඒ තරම් මේ කොල්ලා බය වෙලා හිටියෙ. ඒ මදිවට වැව්ලනවත් එක්ක.

     '' තමුසෙ මොනා කරනව කියලද හිතන් ඉන්නෙ Kim Taehyung. මං තෝව මෙච්චර කල් කන්න බොන්න දීලා උස් මහත් කළේ මටත් හොරෙන් එක එකා එක්ක මෙහෙම නිදා ගන්නද ආ....... කතා කරනවා පොල් බූරුවා..... තෝ නිසා මගේ blood sugerත් වැඩි වෙනවා... තමුසෙ හිතන් ඉන්නෙ මාත් උඹෙ අප්පා වගේ කට පියාගෙන අහන් ඉදී කියලා නම් , දැන ගනින් ඒක තමා උඹ හිටපු මෝඩම දේ..... ''

     Jin සුපුරුදු පරිදි එයාගෙ rap එක පටන් ගත්තෙ ටේ විතරක් නෙමෙයි ඇදේ ඉදගෙන ඇස් දෙකත් බෝල කරන් බලන් ඉන්න කුකීවත් බය කරලා. ඒ කොල්ලට හිතා ගන්න බෑ මේ මොනාද වෙන්න යන්නෙ කියලා.

    '' මැණික....අපි මේක කතා කරලා...... ''

    '' තෝ එහාට වෙලා ඉන්නවා..... මෙතන මායි කතා කරන්නේ , වචනයක් කියන්නෙ නෑ........ ''

     එයාගෙ ආදරණීය හස්බන්ඩ් මේ විදිහට කතා කරනවා අහන් ඉන්න බැරිම තැන ජූන් කතා කරන්න පටන් ගත්තත් , ආපහු ඒ කට වහ ගත්තෙ අනිත් පැත්තට එයත් හොඳට අහ ගත්ත නිසා.

   '' ප..පපා මං කියන දේ අහන්නකො ''

   '' තව මොනාද මට අහන්න කියන්නෙ ආ.... මං ඇස් දෙකෙන් දැක්ක දේවල් බොරු , ඒක මං දැකපු දවල් හීනයක් කියන්නද දැං උඹ හදන්නෙ..... ''

   '' නෑ පපා..... ඉස්සෙල්ලා අහලා ඉන්නකො...... ''

   '' අනේ දෙවියනේ මට මේ වගේ මොලේ කළදක් නැති පොල් බූරුවෙක් දුන්නෙ ඇයි දෙවියනේ..... පොල් පිත්තකින් කපා ගන්න තිබ්බ මේ වගේ එකෙක් , පොල් පිත්තකින් ''

Show me love ( Complete ✅ )Where stories live. Discover now