10 Chapter 🌊

314 67 41
                                    

Vote = 50
Comment = 40

**************************************************************

"අපි ඉස්සරහට මොකද කරන්නෙ."

හැමෝගෙම හිතේ තිබුන ප්‍රශ්නෙ ඒක වෙද්දි හැමෝම හුරතලේට සෝෆ එකෙ ගුලි වෙලා නිදාගෙන ඉන්න ටේහියුං දිහා බලාගෙන හිටිය. අවුරුදු 19ක් 20ක් වෙන මෙ හුරතල් merman කොලුපැටිය මාසයක් ඇතුළත එයාලගෙ ජීවිත සම්පූර්ණ වෙනස් කරල තිබුන. එයාලගෙ ලෝක වල, එයාලගෙ රිලේෂන්ෂිප් වල, එයාලගෙ ජොබ් වල, එයාලගෙ වගකීම් වල හිරවෙලා හිටිය අවුරුදු විසිගනන්වල කොල්ලො හය දෙනෙක්ට එය අලුත් වගකීමක් වෙල. ඉතින් මෙ හය දෙනාම එ වගකීම් බැදීම් එක්ක හිරවෙලා ආයෙ අත හැරීමක් නැති වෙන්න එ බැදීම තදින් අල්ලගෙන. ඉතින් එයාලට වෙනව මෙ පුංචිත්තව රකින්න. ආදරෙ දෙන්න. බලාගන්න. ආරක්ෂා කරන්න.

"අහන්නකො. අපෙ ටේ බේබිට අවුරුදු 19ක් 20ක් වෙනව ඇති නේද??"

ජින් කතාවට මුල පුරද්දි මෙච්චර වෙල ටේහියුං දිහා බලාගෙන හිටිය හැමෝම ජින් දිහාවට හැරුන.

" ම්ම්ම්ම්... මටත් හිතුන. එය මිනිට වඩා උස වුනාට පෙනුමින් පොඩියි. අපි හිතමු එයාට දහනවයක් විතර ඇති කියල."

ජින් කියපු දේට හෝසොක් එකග වෙද්දි ජිමින් නම් හැටට හැටේ හෝසේක්ට රැව්ව. මනුස්සයෙක් චුට්ටක් කොට වුනා කියල ඔහොම අපහාස කරන්න ඕනිද අප්ප. නරක හෝසොකී..

"එතකොට එයාට බර්ත්ඩේ එකක්. "

ජිමින් හෝසොක් රව රව අහද්දි හැමෝම කල්පනා කර.

" මම නම් හිතන්නේ ටේ බේබි එයා ඉපදුන දවසක් දන්නව කියල. සො අද ඩෙසෙම්බ 31 නෙ. බට් කුකීට ටේ බේබිව මීට් වුනෙ ඩෙසෙම්බ 30නෙ ඉතින් අපි එයාගෙ බර්ත්ඩේ නොදන්න නිස එයාගෙ බර්ත්ඩේ එක විදිහට ඒ දවස් ගමු."

ඔව් ටේහියුංව ජොන්කුක්ට මීට් වුනෙ සීතල දෙසැම්බරෙ එහෙම නැත්නම් අවුරුද්දක් අවසාන දවසට කලින් දවසෙ. හිම වැටෙන සීතලෙ, සීතල වතුරෙ කිමිදිල ටේහියුංව හොයාගත්ත ජොන්කුක් විතරයි දන්නෙ එයාගෙ ලේ කැටිකර තරම් සීතල වතුර එයාට කොච්චර අමාරු වුනාද කියල.

"ජිනි කියන එකට මාත් එකගයි. ඇන්ඩ් අපිට ටෙටේට බර්ත් සෙටිෆිකෙට්, අයිඩි එකක් එහෙම හදන්න වෙයි. නැත්නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්."

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now