prologue

214 22 5
                                    


3.30 pm

Minhee pov

පුන්චි සුලගකින් දූවිලි අඇවිස්සෙද්දි මන් කාලය ගත කරේ මේ තරම් කාලයක් මන් හීන දැකපු ජීවිතේ ඉදන් ...

බූසාන් යුනිවර්සිටි එකට . ලෙක්චර්ස් ඉවර උනත් ලමයි සේරම පිට වෙන්න තව වෙලාව තියෙන නිසා මන් හිමින් හිමින් ගිහින් ඉදගත්තේ විලෝ ගහක් යට . කොහෙන් මෙතනට මේ ගහ ආවද කියන්න මන් දන්නෙත් නෑ .

ඒ ගමන් මන් පහලට තියෙන පඩිපේලි දිහා බලාගෙන කල්පනා කරේ මට ඕන උන ජීවිතේ මේකමද කියලා

පුන්චි කාලෙදි හිතුවා ඉක්මනින් ලොකු වෙන්න . මන් බලාපොරොත්තු  උනේ ඔම්මට අප්පට වගේ වැඩ කරන්න  මට පුලුවන් වෙන නිසා ලොකු වෙන එක හොදයි කියලා .

ඒත් මන් කවදාවත් දැක්කේ නෑ ඒ චරිත අස්සේ හැන්ගුන වගකීම් ගොඩ . මොකද ඔම්මයි අප්පයි කිසිම දවසක ඒ වගකීම් වල බර ගෙදර දොරෙන් මෙහාට අරගෙන ආවේ නෑනේ . එයාලා ජීවිතය සැහැල්ලුයි වගේ හිටියා . ඉතින් ජීවන තරගය අපිට දැනුනේ නෑ

යුනි ගියාම මුලු අනාගතේම ආරක්ශිතයි කියලා හිතපු එක තමයි මන් ඒ දවස් වල හිතපු මෝඩම දේ . හනේ හනේ  මේක අස්සේ මානසික ප්‍රශ්න නොදාගෙන යහතින් ඉන්න එකම මන් ලබපු ලොකු ජයග්‍රහනයක්

සුලගට සිලි සිලි ගාන විලෝ ගහේ කොල එක්ක තාලෙට අඇස් යවමින් හිටපු මගේ කනට වෙනද වගේම කසුකුසුවක් අඇහුනා . හැමදාම ඔය දේ වෙනවා . දැන් මාස තුනක ඉදන් .

අද්දැකීමෙන් කියන්නද දෙයක් . දැන් හැමෝගෙම අඇස් යන්නේ සිරීපාදේ නගින්නා වගේ තියෙන පඩිපෙලට . ඒ පඩිපෙලෙන් බැහැගෙන යන අමුතු චරිතේ දිහාවට

එයාගේ චරිතය හරියට කාන්දමක් වගේ . ඒයාගේ රූපය මතුවෙන්නේ කොතනින්ද , හැමෝගෙම  අඇස් එයාගාවටයි යන්නේ


" දන්නවද , එයාව අද ප්‍රොෆෙසර් ලෙක්චර්  හෝල් එකෙන් එලියට දැම්මා "

" ප්‍රොෆ්ව්සර්  ජේන් .., එයත් මෙයා එක්ක ලොකු තරහකින් ඉන්නේ . "

" අර පුන්චි කෙල්ලගේ සිද්දියට මෙයත් සම්බන්දලු . ඒ මදිවට මොන මොනවද හොරකම් කරා කියලත් කටකතාවක් ගියා .  ප්‍රොෆෙසර් ජේන් ගේ තරහා සාදාරනයි "

අනිත් මිනිස්සු එයාට දුන්න ආත්මය පසාරු කරගෙන යන විදිහේ බැල්මන් සහ කනට වීදුරු වලින් අනිනවා වගේ කටකතා අඇහෙන නෑහෙන ගානට දැනෙන මිනිස්සුන්ගේ දෝශාරෝපන.. ඔය හැමදේම අස්සේ ඒ කොල්ලා හිටියේ වෙනම  කල්පනාවකයි .

තමන් අඇතුලු වෙන ඕනම තැනක වටපිටාවම තමන්ට විරුද්දයි කියන එක ඒ කොල්ලට ගානක්වත් නැතිහැඩයි

විලෝ ගහේ කොල වගේ එහා මෙහා ගමන් කරන කටකතා අස්සෙන් මන් දැක්කේ කියාගන්න බැරි අතීතයක් හොල්මන් කරන කරදරකාරී ආත්මයක් . ඒ රූපය පින්තාරු උනේ එයාගේ  ගැඹුරු  අඇස් දෙක අඇතුලෙයි

හිමින් හිමින් ඒ රූපය විශාල පඩිපෙලෙන් පහලට නොපෙනී යද්දි , කලින් අඇහුන කටකතා ගින්දර ක්ශනයෙන් නිවී ගියා . වෙලාවකට මට හරිම ප්‍රශ්නයක් . අනුන්ගේ ජීවිතේ වෙන දේවල් මොන එහෙකටද අනිත් අයට ? . හරියට අග මුල නොදන්න කතාවක් නිසා කෙනෙක්ව කොන් කරන්න ඕනෙමද ?

ඉතින්..

පිටතින් සීතලට පේන කාලගුනයේ උනුසුම් බව මන් දැනන් හිටියා . කලු ගල් හදවත් අස්සේ තිබුන අහින්සක හැගීම් පවා මන් දැනන් හිටියා  ඒ වගේම එයාගේ  නිහඩත්වය යටින් , කියාගන්න බැරි උන කතාවක් තියෙනවා කියන  එකත් මට දැන් දැන් දැනෙනවා  ..

එකම නගරයක ජීවත් උනාට එයාගේ කතාව කිසිම කෙනෙක් දැනන් හිටියේ නෑ . නමුත්











හැමෝගෙම අඇස් තිබුනේ එයා ලගයි...

TBC .

මොකත හිතෙන්නේ ? 😅

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ