Epilogue

146 21 17
                                    

author's pov

ජන්කූක්ගේ ශරීරය පොලොව මත ගැටෙනවාත් සමගම පොලොවම ඒකාකාරි වර්නයකින් පැහැපත් උනා . රතු පාට .. හැගීම් හුග කාලයක් හිර උනාම ඔන්න ඔය පාටින් ඒවා වාන් දානවා . දැනන් හිටියද ?

" නෑ නෑ නෑ . ජන්කුක් . නෑ !! " තමන් ඉස්සරහා උන ඛේදවාචකය දැක්ක ජිමින්ගේ දෑස් කම්පනයෙන් විශාල උනා. කොල්ලා කෑගැහුවා, කටහඬ හැඟීම්වලින් යටපත් වෙනකන්ම. නොපෙන්වුවට කොල්ලගෙ හිතෙත් යාලුකම මහගොඩක් පිරිලා තිබුනා . ඒ නිසාමද කොහෙද ජිමින්ට තමන්ගේ හදවත පපුවෙන් ඉරා දැමුවාක් මෙන් දැනුනේ

මේ අතරේ කිසි දෙයක් තේරුම් ගන්න බැරුව තුෂ්නිම්භූතව බලන් හිටපු මින්හීගේ හදවතත් සියුම් සියුම් වේදනා දෙන්න ගත්තා . මේ මොනවද උනේ ? කවුද මේවට වගකියන්නේ ? ඔය ප්‍රශ්න හැමෝගෙම හිත් වල දැවටෙන්න ගත්තා . ඒත් ඒවට උත්තර නම් කාටවත් හමුනොවුන හැඩයි

"Jungkook!" මින්හී මහ වේදනාවකින් කෑ ගහන්න ගත්තා . කෙල්ල අසරණව අත දිගු කරද්දී ඒකටහඬ බිඳී ගියේ නැවත හැරී ගමන් කිරීමට බැරි බව තේරුම් ගත්ත නිසයි .අසරන කෙල්ලට පුලුවන් උනේ කදුලු පිරුන මූනෙන් මේ සියල්ලම දිහා වේදනාවෙන් බලා ඉන්න විතරමයි . ඉතින් තව මොහොතක්වත් පරක්කු නොකර කෙල්ල දිව්වේ ජන්කූක් ගාවට

කදුලු වලින් අඇස් වගේම හදවතත් බොද උන මින්හි පරිස්සමට ඉදගත්තේ ජන්කුක් ගාව. තමන්ගේ වෙව්ලන අතින් තවමත් යන්තම් රස්නයක් ඉතුරු උන ජන්කූක්ගේ අත අද පලවෙනි වතාවට කෙල්ල අඇල්ලුවා. හරිම තදින්.. හරියට යන්න දෙන්න බෑ වගේ

මේ වෙනකොට ජන්කූක්ට එහා පැත්තේ වාඩි වෙලා හිටපු ජිමින් රතු උන අඇස් වලින් බලන් හිටියේ මින්හි දිහා . කොල්ලගේ අත් වෙව්ලන්න ගත්තා ආයෙමත් ජන්කූක් එන්නේ නෑ කියලා තේරෙද්දි . ඊටත් වඩා කොල්ලට වේදනයි...

" අඇ අඇයි ඒ ඔයාම උනේ ? අඇයි ඔයාටම මේවා උහුලන්න උනේ ? අඇයි .. අඇයි මාව දාලා යන්න ඕන උනේ ? " ජන්කූක්ගේ අත තදින් අල්ලගන්න ගමන් කෙල්ල කියපු වචන එකක් එකක් පාසා දරාගන්න බැරි වේදනාවක් ගැබ් ගත්තා . ඒත් කෝ ප්‍රශ්න වලට උත්තර ? කවුරු කියලා දෙන්නද ? . ඉතින් රතු උන ආස් තිබුන කෙල්ල ආයෙම කතා කරන්න ගත්තා

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now