1

99 20 6
                                    

වෙනදට වඩා ටිකක් පරක්කු වෙලා යුනි එකට ආපු මට නම් අද විලෝ ගහේ රටා මවන අතු , කොල දිහා බලන් ඉන්න බැරි උනා . මොකද පලවෙනි ලෙක්චර්  එක ප්‍රොෆෙසර් ජේන් ගේ .

එයාව මතක් කරත් හරි මගේ උරහිසේ වැදෙන නොවැදෙන ගානට ගියේ ප්‍රොෆෙසර් ජේන් .

රූපයෙන් ගත්තොත් අඇයට තිබුනේ තරමක් කොට කොන්ඩයක් . වයස හතලිස් පහක් උනාට වයස විසි පහකවත් පෙනුම ප්‍රොෆෙසර් ජේන්ට තිබුනේ නෑ.

මහතත් නැති කෙට්ටුත් නැති , තරමක් උස ප්‍රොෆෙසර් ජේන්ගේ පිටත පෙනුම ශක්තිමත් ඕරාවක් නිරූපනය කරා

ප්‍රොෆෙසර් මාවත් පහු කරන් වේගෙන් අඇදෙනකොට ඒ උරහිස් වල තිබුන ආතතිය හොදින් නිරූපනය උනා . අඇයට කටුක අතීතයක් තිබුනා . ඒ නිසාද මන්දා, අඇය හැමවෙලාවකම අවිවේකී ස්වරූපයක් ගත්තා .  ඒක රහසක් නෙවේ  ...

කටකතා වලට අනුව ප්‍රොෆෙසර්  ජේන්ට නිවුන් දරු උපතක් සිද්ද උනාලු . ඒත් එතනින් එක ලමයෙක් නැති උනාලු .

පස්සෙ හම්බ උන ගැහැනු දරුවව අවුරුදු පහේදි ආගිය අතක් නැතිඋනාලු . නගර වැසියන් කියන්නේ ඒ උන දෙයින් පස්සේ හිත හදාගෙන ශක්තිමත් කරගන්න තවමත් ප්‍රොෆෙසර් ජේන්ට බැරි උනා කියලයි . ඒත් කිසිම කෙනෙක්ගේ බැල්මකට යටත් නොවෙන විදිහේ ආර්ථික බලයක් අඇයට තිබුන නිසා ප්‍රශ්න ගොඩක්  විසදුනාට වඩා යටගැහුනා

අඈතින් නොපෙනී යන ප්‍රොෆෙසර් ජේන් ගේ රූපය එක්ක මගේ මොලේට ආවේ  දැන් ලෙක්චර්ස්  නේද කියන එක .

ශෝට් කට් එක්කින් වේගෙන් ලෙක්චර් හෝල් එකට දිව්ව මට හති දදා උනත් ප්‍රොෆෙසර්  ජේන්ට කලින් එන්න පුලුවන් උනා .

" සේරමලා . assignment ගන්න . ඔයාලගෙන් 4 දෙනෙක් lms එකට ප්‍රසන්ටේෂන් අප්ලෝඩ් කරලා නෑ . වහාම එයාලා එලියට "

ආපු ගමන් ප්‍රොෆෙසර් ජේන් කෑ ගහන්න ගත්තා . සාමාන්‍යෙන් දවස පටන් ගන්න "සුබ උදෑසනක් " කියන වාක්‍ය කවමදාවත් ප්‍රොෆෙසර් ජේන් ගෙන් නම් අහන්න හම්බ උනේ නෑ .

ඒ අතරේ මට සද්දයක් අඇහුනා ..
" ප්ස්.. ප්ස්ස් . මින්හී . මෙතනට . මෙතනට එනවකො " මන් බැලුවේ මගේ නම දන්න එකම කෙනා ගැන දැනගෙන .

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now