6

73 19 0
                                    

අද ජිමිනයි මායි උදේ හතට ඉන්නේ කොහෙද කියලා ඔයාලා දන්නව නම් පුදුම වේවි .

ඔව් අපි දෙන්නා ඉන්නේ computer ලැබ් ඒකේ . ලමයි කවුරුත් අඇවිල්ලවත් නෑ ඉතින් ඒකමයි අපි දෙන්නට ඕන උනේ . පුදුමයි නේද අපි වෙලාවටත් කලින් ආපු එක

අන්තිම පේලියේ එක ලග තිබුන computer දෙකට සම වැදිලා මමයි ජිමිනයි හෙව්වේ ජන්කූක් ගැන .මිනී මැරුමක් කරා නම් ඒක ගැන මොනාම හරි ඉන්ටර්නෙට් එකේ අඇති කියලයි අපි හිතුවේ .

පැයක කාලයක් අපි අරහේ මෙහේ හැම තැනම ඕක ගැන විස්තර හෙව්ව .

" මින්හී . ඔයාට මොනා හරි හම්බ උනාද " දාගෙන හිටපු ග්ලාස් දෙක ගලවලා අඇස් පොඩි කරන ගමන් ජිමින් අඇහුවා

" මට හරි කෙනා හොයාගන්න බෑ ජිමින්

* ගිලුන නැවක ජන් ජන්කූක්
*ගිනි ගත්ත අනාත නිවාසේ ජන් ජන්කූක්
* හොරු විනාස කරපු අනාත නිවාසෙ ජන් ජන්කූක්
* ගගකට වැටුන ජන් ජන්කූක්
*අතුරුදහන් උන ජන් ජන්කූක්

කවුද දෙයියනේ හරි කෙනා ??"

පොඩ්ඩක් පුටුවෙන් පිටිපස්සට තල්ලු වෙන ගමන් මන් කිව්වා . ඒත් ජිමිනගේ කිසි උත්තරයක් නෑ . ඒ පාරයි මන් එයාගේ ස්ක්‍රීන් එකට එබුනේ .

-------------------------------------------------------------

රෝස්මෙරි වීදියේදි ඊයේ දිනයේදි ( 22th Feb 2024 ) lucky land ඖශද වෙලද සැලේ ඖශද සොරකමක් සිදු විය . එසේ සොරකම් කරන්නට උත්සහ ගත් ඖශද සොරා සමගම අල්ලා ගැනීමට හැකි විය . මෙසේ සොරකම සිදු කර අඇත්තේ ජන්කූක් නැමැති තරුනයෙකු වීම කනගාටුවට කරුනකි .

-------------------------------------------------------------

ජන්කූක්ගේ බොද කරපු පින්තූරයක් එක්ක තිබුන නිව්ස් එකට යටින් මහා දාර්ශනිකයි කියල හිතන් ඉන්න වයසක උදවිය පලු යන්න බැනලා තිබුනා .

ඒ අස්සේ ජිමින් එක අඇහිබැමක් උස්සන් මන් දිහා බැලුවේ එයා දින්නා කියන්න වගේ . නෑ ඉතින් එයා කිව්ව නේ ජන්කූක් අපරාදකාරයෙක් කියලා ඔප්පු කරනවා කියලා

"හොරකම් කරාම හොරෙක් හරිද . අපරාද කාරයා ගොඩට දාන් නැතුව ඉම්මු . අනික මන් CCTV chek කරනකන් විශ්වාස කරන් නෑ "

මන් එහෙම කියලා අත්දෙක බැද ගත්තේ ජන්කූක් ෆාමසි එකට යනවා අඇස් දෙකෙන් දැක්ක නිසා . අච්චර ගුටි කාලා හොරකම් කරන්න පනක් තියෙනවා ඒ ?

" හැදෙන්නෙ නෑ තමුසෙ . ඔයා කියන නිසා අද එයාගේ පස්සෙන් ගිහින් ඔත්තු බලමු " ජිමින් කිව්වා

" හනේ අඇත්තටම ?" මන් අඇහුවේ සතුටෙන් . මේ ටිකේම මගේ ඔලුවෙ තිබ්බේ කොහොමද රෝස්මෙරි වීදිය හරහා නොයා ඔත්තු බලන්නේ කියලා . දැන් සිමීත ඉන්නව නේ . බය වෙන්න දෙයක් නෑ

" ඔව් . ඒත් ලෙක්චර්ස් ඉවර වෙලා . ඌ එන්නේ නෑ නේ අපේ අනාගතේ හදන්න " සේරම හොදට කරලා ඕන් මෙයත් කට අඇරපු හැටි

කෝමෙන් කෝම හරි ජන්කූක් යුනි ආවේ නොන්ඩි ගහ ගහ . අද එයා හරි අමාරුවෙන් හිටියේ .

එතකොට මමයි ජිමිනයි දෙන්නම ජන්කූක් ගාවින් ඉදගත්තේ අනාගත මිශන් වලට උදව්වක් වෙන්න කියලා . මෙහෙමයි , ජිමින්ව නම් මරන්න ගෙනියන හරකෙක් වගේ දක්කගෙන යන්න උනේ . ඒක වෙනම කතාවක්

එතනට ගිය නිසාම එදා දවසේ ටීම් වර්ක් එකට ජන්කූක්ව අහු උනා. ප්‍රොෆෙසර් ජේන් මාර ආසයි නේ ටීම් වර්ක් දීලා කට්ටියව බෙදන්න .

.
.
.
.

යුනි එකෙන් පස්සේ මමයි ජිමිනයි lucky land pharmacy එකට ගියේ උන දේ දැනගන්න . සෝශල් වල ගිය නිව්ස් එක නිසාම අද එතනට වැඩියෙනුත් මිනිස්සු අඇවිත් . ඕප දූප හොයන මිනිස්සු

අඩ්ඩෙහ් . මායි ජිමිනයිත් ඕප දූප හෙව්වා හැබැයි 😩

හිටපු සේරම යනකන් ඉන්න ගියාට ඒක කරන්න අමාරු උනා . ඒ නිසා තව එක්කිනෙක් ඉද්දිම මායි ජිමිනයි කෙලින්ම ගියේ කවුන්ටර් එකට .

" මිස්ටර් . අපිට CCTV චෙක් කරන්න පුලුවන්ද ? " මන් අහනකොට ඒ පිරිමි කෙනා ඔරොප්පුවට වගේ මූන අකුල ගත්තා

" අඇයි ? "

" අපේ acquaintan- මන් කිව්වේ යාලුවෙක් චෝදනාවකට අහු උනා . බැරිද cctv chek කරන්න " මට කලින් ජිමින් කියද්දි මන් බැලුවේ ඒ පිරිමි කෙනා දිහා .

" CCTV වැඩ නෑ " ඒ කෙනා කියනවා එක්කම අපේ කටෙන් පිට උනේ "අයියෝ " කියන වචනේ . ඒත් ඒ ගැඹුරු කටහඩක් පිටිපස්සෙන් අඇහෙනකන් විතරයි..


TBC



හිතුනොත් තා එකක් දානවා 😌🌻 . (kmmli nm kiynn hrid )

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now