19

60 17 0
                                    


. උදේ අඇහැරෙනකොට මින්ජි වත් ජන්කූක්වත් අපි ගාව හිටියේ නෑ . ඉතින් ඉතින් මන් ජිමිනවත් අඇහැරවගෙන දිව්වා වේගෙන් . එයා යන්න පුලුවන් කියලා තැනකට .

අනේ ජන්කූක් ,ඔයා අපිව බය කරන තරමක් ඔයා දන්නවද ? ..

jungkook pov

පාන්දර කලුවර අහස එක්ක නිහඩතාවට පිරුන බූසාන්  නගරයෙ ,මට මාව හම්බ උනා රූෆ් ටොප් එකක් උඩදි.

මින්ජි ගෙ අත් මාව හරි තදින් අල්ලගෙන . බයටම ගැහෙන ඒ අඇස් වල මන් දැක්කේ මගේ අඇතුලේ තියෙන කුනාටුවේ සේයාවක් .කොයි තරම් ප්‍රශ්න ,වේදනා අතරෙ හිටියත්  , මන් දන්නවා මට මින්ජිව ආරක්ශාකාරීව තියාගන්න තියෙනවා කියලා ..

දරාගන්නම බැරි තැන රෑ මින්හිගෙ උරහිසේ ඔලුව තියාගද්දි මට අඇහුනා එයාලගේ කතාව . මට අඇහුනා ඒ හදවත් වල තාලයක් මවන ලස්සන හීන  ගොඩක කටහඩ.. ඉතින් මන් හදිසි තීරනයක් ගත්තා .

වෙව්ලන අත් එක්ක මන් හිමින් අඇහැරුවේ මින්ජිව . ඒ පුන්චි අඇස් බාගෙට අඇරෙද්දිම මගේ අඇගිල්ල ඒ තොල් මත තිබ්බේ සද්ද කරන්න එපා කියන්නයි  . හිමින් හිමින් මින්ජිගෙ අත් මගේ අත් එක්ක පටලවාගෙන මන් එයාව ඒ අවුල් ජාලයෙන් පිටතට අරන් ආවා . නෑ ජිමින් සහ මින්හිව අවුල් ජාලාවෙන් අඈතට කරා .  ජිමින් , මින්හි ගැන බලාවිනේ. මන් බය වෙන්න ඕනේ නෑනේ

තියන තියන අඩියක් පාසා මට මගේම ශරීරයේ බර තව තව වැඩියෙන් දැනෙන්න ගත්තා . එකකට පස්සේ එකක් එන හැගීම් සේරම මාව හොදටෝම අවුල් කරා . පෙනී , බොදවී යන අඇස් මන් දුර්වලයි කියන එක ආයේ ආයෙමත් පෙන්නුම් කරාට මට මේ වෙලේ වටින්නේ මින්ජිගෙ ආරක්ශාව

ඉතින්..

පියවර ඉස්සරහට තියනවා හැර මම මොනවා කරන්නද ?

අන්තිමේදි අපි රූෆ් ටොප් එක උඩට ආවා . සීතල රාත්‍රිය එහෙමත් නැත්තම් පාන්දර, ලේ පවා ගල් කරන්න පුලුවන් දරුනු ගනයේ  මොහොතක් උනා . මන් ලගට ගුලි උන මින්ජි මොන මොනවදෝ මිමිනුවත් මට ඒවා පැහැදිලිව අඇහුනේ නෑ .

උදේ වෙනකොට අනිවාර්‍යෙන් අම්මා ඒවි . මට මින්ජිව දෙන්නත් පුලුවන් වේවි . ඒත් .. ඒත් මේ වෙලේ මගේ මනසේ වේගයෙන් ගලන සිතුවිලි මට පිට කරන්න ඕනෙ කොහොමද ?

ඒ ගමන් මන් බැලුවේ මින්ජි දිහා . කිසිම කරදරයක සේයාවක් නොදැන හිටපු එයා හරි සනීපෙට මගේ තුරුලේ නිදා ගත්තා . මොහොතකට එයාව මගේ අත් අතරෙන් එහාට කරලා මන් ගියේ රූෆ්ටොප් එකේ කොනක තිබුන කුනු ගොඩ ගාවට .

එතනින් ඉවරවුන තින්ත පෑනක් එක්ක කොල කීපයක් හොයාගන්න මට පුලුවන් උනා .. ඒත් කෝ තින්ත ?

ඉතින් මන් අත තුවාල කරගෙන   තින්ත පිරෙව්වා . ඒ රතු තින්ත... මගේ ජීවිතේ බාගෙකට වඩා පාට උනේ ඒවගෙන්.

හැමදාම මම ගමන් කරපු පාරවල්  හද (🌙 ) එලිය එක්ක අමුතුවට පෙනුනා . විලෝ ගහ වගේම ඒ අවට තිබ්බ බන්කු පේලිය මන් මීට කලින් දැකලා තිබුනේ නෑ . සමහරක් විට මට ඒවට අවදානයක් දෙන්න තරම් වත් නිදහසක් තියෙන්න නැතුව අඇති .

ඉතින් පැත්තකට කරලා තියාගත්ත කොලය පුරා මන් අද රටා මැව්වා .
ඔලුව වටා ගමන් කරන හැම වේදනාවක්ම මන් වචන කරා . කියාගන්න බැරුව හිතේ කොනක ගල් උන හැම දුකක්ම මන් වචන කරා . ඒ වචන වලට උඩින් හැගීම් පිරුන පැල්ලමක් මුද්‍රනය උනේ , මගේ වේදනාවන්ට සාකිශි දෙන්නයි .

ඒත් දෛවයට වෙනත්  සැලසුම් තිබිලා වගේ . මට දැනුනා මගේ බෙල්ල වේදනා දෙන විදිහ සහ හෙම්බත් උන මගේම ශරීරය රිදුම් දෙන විදිහ. කිසිම ප්‍රතිචාරයක්  දෙන්නත් කලින්ම   මන් මාවම අදුරකට ගෙනියව්වා . ඉතින් .. අන්ධකාරය මාව වටකරගෙන යද්දී  දැනුන සීතල සුලග වේදනාවෙන් බිදක් හරි අරගෙන යනකන් මන් මග බලාගෙන හිටියා

..TBC

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now