2

87 19 4
                                    

හරියටම 12.30 වෙද්දි ප්‍රොෆෙසර් ජේන් ලෙක්චර් හෝල් එකෙන් එලියට ගියා . ස්කෑනර්ස් වල අවුලක් නිසා මේ ටිකේම attendance මාක් කරේ ප්‍රින්ට් කරපු කොලයක .   අවසානෙට ලකුනු කරපු මගේ නමට උඩින් තවත් හිස් කොටුවක් තිබුනා . හ්ම්.. ඒක ජන්කූක්ගේ . ජන් ජන්කූක්ගේ

" මින්හී . කැන්ටිමට යමුකෝ . බඩගිනී "  ජිමිනා ඔහොම කියන් මාව අඇදගෙන යද්දියි මන් දැක්කේ ලයිබ්‍රරි  එක පැත්තට යන ජන්කූක්ව .

"  ජිමිනොහ් . පොඩි අවශ්‍යතාවයක් තියේ . මන් යනවා "  එහෙම කියපු මම වේගෙන් ගියේ අර කොල්ලා කරන්නෙ මොනවද බලන්නයි

" යාහ් මින්හී . වොශෲම් ඔහෙ නෙවේ මෝ... " ඔන්න ඔය වගේ මොනා හරි ජිමිනා කෑ ගහලා කිව්වද කොහෙද . මට මොකද ඉතිම්

මගේ රූපය නිහඩ කොල්ලගේ පිටිපස්සෙන් අඇදෙද්දි මන් එයාගේ හැම ලක්ශනයක්ම හැම හැසිරීමක්ම පරීක්ශා කරා .

නිහඩතාවය කියන එයාවටා ගොඩනැගුන ඝන බිත්ති , කිසිම කෙනෙක්ට කඩන්න පුලුවන් වෙලා නෑ . හරියට එයාව පේන්නේ තමන්ගේ මනස අස්සේ තියෙන ලෝකයක ජීවත් වෙන කෙනෙක් වගේ . තනි වෙලා...

එයා යන හැම තැනකටම පස්සෙන් එන කටකතා කෙදිරිලි , පරීක්ශාකාරි අඇස් , ඔය සේරම ගානකට ගන්නෙ නැතුව ඉදිරියටම ගියපු එයා නැවතුනේ  තුන්වෙනි තට්ටුවේ පොත් රාක්කයක් ඉස්සරහා.

ඩික්ශනරි තරම් ලොකු පොත් එහා මෙහා වෙලා පෙනුන එයාගේ මූනේ කිසිම හැගීමක් තිබුනේ නෑ. අඇයි ඒ ?

දුක , බය , සතුට අඩුම තරහවත් ?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දුක , බය , සතුට අඩුම තරහවත් ? . ඔය කිසි දෙයක් නෑ  . 

ඒත් එක්කම මන් ගැස්සුනේ මගේ කරෙන් දැනුන ස්පර්ශය නිසා . ඒ අල්ලපු කෙනා කතා කරන්න කලින් මන් එයාට ඉගි කරා කෑ ගහන්න එපා කියලා . මොකද මන් දන්නවා ඔය ගොබ්බ වැඩේ කරපු කෙනාව

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now