20

64 19 0
                                    

මින්ජිගෙ චූටි අත් වලින් මගේ මූනට දැනුන පුන්චි පුන්චි තට්ටු නිසා මන් ගම් ගාලා වගේ අඇලුනු මගේ අඇස් විවෘත කරා. මට සිහි නැති උනාවත්ද  ?

මන් දන්නේ නෑ .  රෝස සහ කහ පාට එක්ක ලස්සන උන අහස මට මතක් කරේ ඊයෙ දවස මොන තරම් අදුරුද කියන එක  . තවමත් .. තවමත් මට මගේ  ඔලුවෙන් දැනෙන වේදනාව ඉවසගන්න  බෑනේ

" ඔප්පා . අපි ගෙදර යන්නෙ නැද්ද " මින්ජි මගෙන් අඇහුවා . මන් කොහොම කොහොම උත්තර දෙන්නද මින්ජි  . මට කතා කරගන්නත් අමාරුයි. අද තරම් කටහඩක වටිනාකම මට කවදාවත් දැනිලා නෑ .

මගෙන් උත්තරයක් නැති පාර මින්ජි කොනක වාඩි උනා . අහසේ මැද්දට ඉර එන්න එන්න යුනිවර්සිටි  එක ලමයින්ගෙන් පිරිලා ගියා  . ඒත් කෝ අම්මා ?

මන් මෙතන කියන එක ලැව්ගින්නක් වගේ පැතිරුනේ නැද්ද අද?  

මගේ සිතුවුලි වලට බාදා කරමින් මට අඇහුනේ අඩි සද්දයක් . ඊයේ වගේම . බය උන මින්ජි ආපහු මගේ අත් අතරේ හැන්ගුනා  . එයාට ඊයේ දවස මතක් වෙන්න අඇති . ඒත් ඒ අම්මනේ ආවේ . අඇයි ඔයා බය වෙන්නේ ?

මන් එහෙම හිතාගෙන අඩියක් ඉස්සරහට තියන්න ගියත් මගේ අඇස් තවත් කලු අඇදගත්ත මිනිස්සු ගොඩක් මතට වැටුනා 

මගේ හදවත  , හීන් වේදනාකක් එක්කන ඉල අඇට කූඩුවට එරෙහිව  තදින් ගැටෙන්න ගත්තා මේ මොහොතෙ වෙන දේ ගැන තේරෙද්දි .  හැමෝගෙම අඇස් මන් මතයි .. ආයෙමත් පාරක් . ඒ හැම බැල්මක්ම මාව පසාරු කරනවා අම්මා... මගේ ආත්මෙම පරීක්ශා කරනවා 

අම්මා මගේ ලගට එන්න එන්න  මන් මින්ජි එක්ක පිටිපස්සට ගියා . ඒත් මට තවත් යාගන්න බැරි උනා අම්මා මගේ පැත්තට දික් කරපු ගන් එක දැක්කම . මගේ හිත වේදනා දුන්නා මන් කොයි තරම් වේදනාවක් අම්මට දුන්නද කියන එක මතක් උනාම . ඒත් ඊට වඩා මගේ ඔලුව වේදනා දුන්නා . පරන මතක සේරම අඇවිස්සෙන්න සූදානම් වෙද්දි

"එයා එයාගෙම යාලුවාව මැරුව "
" හැමෝම කොන් කරා " " තමුසෙට උනේ හරිම දෙ" " poor thing " " bastard " " මිනීමරුවා" "psychopath"

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now