4

77 19 5
                                    

ඒක්කිනා දෙන්නා තමන්ගෙ කඩසාප්පු වලින් එලියට එද්දි මන් ගැස්සුනා . අඩුම දන්න එක අඇස් දෙකක්වත් තිබුනා නම් මට සහනයක් දැනේවි .

දන්න කෙනෙක්ගේ අඇස් මන් මත තිබ්බ නම් ආරක්ශාකාරීයි . ඒත් නොදන්න අඇස් එක්ක මන් අනාරක්ශිතයි නේ .

කරකියාගන්න දෙයක් දන්නෙ නැතුව මන් අතට ගත්තේ මගේ ෆෝන් එක . වෙලාව දෙකයි තිහයි . ඒ කියන්නේ ලෙක්චර්ස් ඉවර වෙලාවත් නෑ . ඒත් මට බයයි නේ . කමක් නෑ ජිමිනට කෝල් ගම්මු

" හ් හෙලෝ ජිමින් " මන් වෙව්ලන කටහඩින් කිව්වා

" මොනවද මින්හි කරන්නේ . තවම ලෙක්චර්ස් යනවා . අඇයි බය වෙලා වගේ "
ජිමින් හිමීන් කිව්වේ රහසක් කියනවා වගෙයි

" ජිමිනහ් . මන්..මන් රෝස්මෙරි වීදියේ ඉන්නෙ. තැන මන් දන්නෙ නෑ . හැමෝම මන් දිහා බලාගෙන . මන් මොකද කරන්නේ ?"

" දෙයියනේ ! " මන් කියනවා එක්කම ජිමින් මහ හයියෙන් කෑ ගහන්න ගත්තා . සමහරක් විට එයාලග ඉන්න හැමෝටම ඇහෙන්න අඇති . මට කලින් හිතන්න තිබ්බා මේ කරන වැඩේ අනාරක්ශිතයි කියලා

" වීඩියෝ කෝල් එක අඇසෙප්ට් කරලා ඉන්න තැන පෙන්නනවා මට . " ජිමිනා ඩිමාන්ඩ්ව කියද්දි මන් හිමීට මගේ වටපිටාව පෙන්නුවා . එතකොටයි දැක්කේ ජිමින් ඉන්නේ ටේබල් එක අස්සේ කියලා . පව් මන් නිසානෙව් මේ සේරම

" මින්හි . ප්‍රොෆෙසර් ජේන් මට එන්න දෙන්නේ නෑ . ඔයා බය පෙන්නන්න එපා . කෝල් එක්ක ඉන්නවා වගේ උරහිස් කෙලින් තියාගෙන දන්නවා වගේ ඉස්සරහටම යන්න . අනතුරක් දැනුනොත් අඩිය ඉක්මන් කරන්න ,ක්ශනිකයෙන් දුවන්න හදන්න එපා . ආරක්ශාකාරි තැනක ඉන්-

ජිමින් . තමුන් . අද කීය හරි වෙනකන් ඉදලා code එක run කරලා පෙන්නනවා මට . දන්න නිසා වෙන්න අඇති නේ ඩෙස් යට රින්ගන්නේ "

අන්තිමේට මට අඇහුනේ ප්‍රොෆෙසර් ජේන් ගේ ඒ කෑ ගැසීම . ඒ කියන්නේ ජිමින්ට එන්න වෙන්නේ නෑ ඉක්මනින් .

මට දැනුනා අඇස් වලට කදුලු එනවා වගෙව් හැගීමක් . ගෙදරට කියන්නේ කොහොමද එයාලා ඩේගු වල ඉද්දි . මන් හරි අසරනයි..

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now