10

68 18 0
                                    

එහෙම්මම නැගිටපු ප්‍රොෆෙසර් ජේන්,  ඒ කතාව කියපු ලමයා ගාවට වේගෙන් ගිහින් සිද්දිය ආපහු අහන්න ගත්තා . පව් එයත් අම්මෙක් නේ

ඒ අතරේ ජිමිනා බලන් හිටියේ එයාගේ බ්‍රේස්ලට් එකේ පැටලුන ප්‍රොෆෙසර් ගේ කෙස් දිහා . එයාට ඒවා ගැලවෙනවවත් දැනිලා නැද්ද ? ..

" සේරමලා එලියට . ඊලග ලෙක්චර් එක කැන්සල් ප්‍රොෆෙසර් කිම් නැති නිසා . එතකොට ජන්කූක් . තමුන් පොඩ්ඩක් නැවතෙනවා " 

ප්‍රොෆෙසර් එහෙම කියද්දි සේරම එලියට පැන්නා . අන්තිමේටම ගියේ මායි ජිමිනයි . ඒ යනකොටවත් ජන්කූක් බෑග් එක හදාගන්නේ නැතුව හිටපු තැනම වාඩි වෙලා බිම බලන් හිටියා . අනේ ජන්කූක්ව ඉතුරු කරාවිද දන්නේ නෑ

අපි දෙන්නා දොරෙන් එලියට  ගිහින් එක තට්ටුවක් පහලට බැස්සේ ජන්කූක් ආවම මේක ගැන එයාගෙන්ම දැනගන්න ඕනවට

" ආ ජිමිනා? . ප්‍රොෆෙසර් ජේන්ගේ නම කිම් ජේන් නම් . මින්ජි , කිම් මින්ජි නම් ජන්කූක් කොහොමද මේවට ගෑවුනේ ? . " මන් අඇහුවේ මොනා හරි ගැන කල්පනා කර කර හිටපු ජිමින්ගෙන්

"  මන් දන්නෙ නෑ මින්හී . මේක පටලැවිලා .ලිහාගන්නේ කොහෙන්ද . එහෙන් පුතෙක් . මෙහෙන් දුවලා දෙන්නෙක් . තව ? . ඉස්සරහට තව කවුද ? "  ජිමින් එහෙම කියන ගමන් බ්ත්තියට හේත්තු උනා උඩ බලාගෙන

" අපිට බැරිද DNA test එකක් අරගන බලන්න . මින්ජිගෙයි , ජන්කූක්ගෙයි  ප්‍රොෆෙසර් ගෙයි " 

" තමුසෙ කියන්නේ කොහෙන් ලේ ගන්න කියල්ද ? . එහෙම කරනකන් බලන් ඉදීද එයාලා ? " ජිමින් මගෙන් අඇහුවේ සැරෙන් . ඒ ගමනුයි මට යමක් මතක් උනේ . ඒ සැනින් මන් අඇදලා ගත්තේ ජිමින්ගේ අත .

" මේ තියෙන්නේ . කෙස් ගස් දෙකක් මුලින්ම ගැලවිලා  . මේකෙන්  පුලුවන් වේවි " මන් ඒ කෙස් සාම්පල්ස් පරිස්සමට අර චූටි විනිවිද පේන බෑග් එක්කට දාගත්තා .

" එතකොට ජන්කූක්ගේ කෙස් ගන්නෙ කොහොමද ? .  ඌ ඉන්න තරමක් ඉන්නේ හූඩි එක ඔලුවෙ ඉදන් පොරවගෙන . මොකක්ද මැඩම් ඒකට කරන්නෙ ? " එයා අහද්දි මන් කල්පනාවකට වැටුනා .

කොහොමද....


කොහොමද...



යෙහ් .ඔය  තියෙන්නේ උත්තරයක් !

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now