3

74 19 1
                                    

දවස් එක දෙක , මුලු සති තුනක්ම බොද වෙලා ගියේ වැස්ස දවසක අඇදුන දියසායම් චිත්‍රයක් වගේ .

ජිමින්ගේ උදව්ව නැතුව මට හොයාගන්න පුලුවන් උනේ එකම එක දෙයයි . ඒ ජන්කූක්ට නංගි කෙනෙක් ඉන්නවා කියන එක විතරයි.

හැම දවසකම උදේට නංගිව ස්කූල් එකට දාන්න ජන්කූක් ආවා . ඒත් කිසිම දවසක එයාව එක්කගෙන යන්න නම් ජන්කූක් ආවේ නෑ . සමහර විට ජොබ් එකක් කරනවද දන්නේ නෑ ?

කොහොම උනත් ඒ චරිත දෙකම එක වගේ . සාමාන්‍ය හැගීම් පෙන්නනවා හරි අඩුයි . මුලින් මුලින් එයාගේ නංගි එක්ක කතා කරන්න මන් ලෙක්චර්ස් කට් කරා . ඒත් එයා ඔලුව වනනවා එහෙම නැත්තම් පුන්චි උත්තරයක් දෙන එක විතරයි කරේ. ඒඑත් දැන් දැන් නම් පොඩ්ඩ පොඩ්ඩ කතා කරනවා . එයාගේ නම මින්ජි

එයා එක්ක ටිකක් යාලු උනාගෙන් පස්සෙව් මන් එයා යන දිහාව හොදින් බැලුවා . තනියම බඩු මල්ල වන වනා යනවා ..අද නම් ගිහින්-....

මගේම සිතුවිලි අස්සෙ ඉද්දි ජිමින් මන් ගාවින් ඉදගත්තා .

" හම්මේ කොන්දත් රිදෙනවා බන් . දන්නවද ආන් නිව්ස් එක දැන් තමා පැතිරිලා තියෙන්නේ " ජිමින් එහෙම කියද්දි මන් මූන අඇද කරන් බැලුවා .

"මොන? . අහ් මිනී මැරුම " මටම මතක් වෙලා උත්තර දුන්නා . ඔහොම ඉන්නකෝ මන් හොයාගන්නම් අඇත්ත නැත්ත

ඒ අස්සේ තමා ප්‍රොෆෙසර් කිම් ප්‍රසන්ටේශන්ස් ගත්තේ . ටික වෙලාවක් මන් ඒ දිහා බලන් හිටියා . ජන්කූක් .. එයා grammar වරද්දනවා . අඩුම කිසිම සම්බන්දයක් නැති වාක්‍ය කියන්නෙත් . හරි අමුතුයි . දවසම එයා දිහා බලන් හිටියොත් මට වැඩක් කරගන්න වෙන්නෙ නැති නිසා මන් ආපහු කතා කරන්න ගත්තා

" එක නෙවේ ජිමින් . මන් එලියට යනවා පොඩි ප්‍රශ්නයක් නිසා . පුලුවන්ද attendance sheet එකේ මගේ අත්සන දාන්න ? . cursive letters වලින් මගේ නම ගහන්න ? " එකපාරට මන් කියද්දි එයා අඇස් ඔරෝලා මන් දිහා බැලුවා

" මින්හී... අඇත්ත කියනවා මට . තමුසෙ අරූ පස්සෙන් නෙවේ නේද යන්නේ . මන් යමක් දන්න නිසා කියන්නේ . ඌ හොද එකෙක් නෙවේ " ජිමින් සැරෙන් කියද්දි මන් හිමීට වෙන අතක් බලාගත්තා .බොරු කරද්දි මගේ මූන අමුතු වෙනවනේ ඉතින්

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now