17

59 18 0
                                    

3 days later ..

[ මේ චැප් එකේ වෙන සමහර දේවල් තේරෙන එකක් නෑ . ඒ සේරම ඉස්සරහට තේරේවි . සීරියස්ලි මේ කතාවම ලොකු අවුල් ගොඩක් ගැන 😅]

ගත උන දවස් තුන අඇතුලත ගොඩක් දේවල් සිද්ද උනා . ජිමිනයි මාවයි මහන්සියෙන් හෙම්බත් වෙලයි ඉන්නේ . ඉතින් අපි තීරනය කරා පැටලිලා පැටලිලා තියෙන මේ අවුල ලිහන එක අවුලේ මුල් අයිතිකාරයටම බාර දෙන්න .

දැන් වෙලාව ගත්තොත් හරියටම හවස හතරයි . එතකොට මායි ජිමිනයි මේ යන්නේ ජන්කූක්ගේ ගෙදරට .ඒකත් පයින් . එයාගෙන් එක දවසක් හොරෙන් අරන් ආපු ෆයිල් කීපය තව දුරටත් මටයි ජිමිනටයි තියාගන්නත් බෑ . තේරුම් ගන්නත් බෑ .

ඉතින් අපි ඒක ගිහින් තියනවා තිබ්බ තැනම . අපි ඒ ගෙදරට යනකොට බලු පෝතකයා ඉස්සරහම ඉදගෙන බුරන්න ගත්තනේ ඒ සද්දෙටයි මින්ජි ගෙදරින් එලියට ආවෙ . සමහර විට ජන්කූක් අදත් ඉලීගල් ෆයිටින් ක්ලබ් එකට යන්න අඇති

" ඔන්නි ඔයා " එයා එහෙම කියන ගමන් අඇවිත් මාව තදින් බදාගත්තා . ප්ව් කෙල්ල තනි වෙලා වගේනේ . ඒත් මට අද එයාට ලොකු ප්‍රතිචාරයක් දක්වන්න තරම් ශක්තියක් නෑ .

" යන් මින්ජි . ඔයාගේ ඔප්පගේ ෆයිල් වගයක් තියේ . මන් ඒ ටික තියන්න ඕනේ . ගියාට කමක් නැද්ද ? " මන් කෙල්ලගෙන් අහද්දි එයා ඔලුව වනලා කාමරය පෙන්නුවා .

ඒ අතරෙ එයයි ජිමිනයි කිචන් එකේ මොනාදෝ කතා කර කර හිටියා ..

අවසන් වතාවට කියලා හිතාගෙන මන් , ජන්කූක්ගේ අඇද යට තිබුන පෙට්ටිය එලියට අඇද්දා . ඒ ටිකට "ting" ගාලා මැසේජ් එකක් ආවේ ජිමින්ගෙන් .

" මින්හි හැන්ගෙන්න ඉක්මනට . මේ දැන්ම . මායි මින්ජී කිචන් කවුන්ටර් එක අස්සට රින්ගුවා . කවුදෝ මිනිස්සු වගයක් එනවා jk වත් අල්ලගෙන . " ජිමින් ගේ ඒ මැසේක් එක එක්කම

" යහ් . මූව උඩට ගෙනියනවා . උගෙ කාමරේටම ! " ඔන්න ඔය වචන ටික පිරිමි කටහඩකින් කියවුනා .

ඉතින් තප්පරයක් යන්නත් කලින් මන් අඇද යටට රින්ගුවා . දෙයියනේ දූවිලි ගොඩ . මන් ඒ දූවිල්ල ඉවසගෙන හිටියේ මගෙම ටි ශර්ට් එකෙන් නහය වහගන්න ගමන් . 

කවුද ඒ ? . අඇයු එයාල ජන්කූක්ව අල්ලන් කියන්නේ . දොර අඇරගත්තේ කොහොමද ? මට මතකයි ඒක ලොක් කරා . අහ් ජන්කූක් ගාව තව කී එකක් අඇති

මන් සිතුකිලි අස්සෙ තනිවෙනවා එක්කම එයාලා ජන්කූක්ව ගෙනල්ලා සතෙක් වගේ පොලොවට තල්ලු කරා . ආයෙමත් නැගිට්ටවලා ආයෙමත් තල්ලු කරා .

" කියනවා කෝ අපේ සල්ලි . තමුසේ කොහෙද හැන්ගුවේ ! " පිරිමි කෙනා එහෙම කියන ගමන් කෑ ගහද්දි ජන්කූක් මුකුත්ම කිව්වෙ නෑ . කිව්වෙ නැද්ද ,කියන්න වචන ආවේ නැද්ද කියලා මන් දන්නෙ නෑ . මට පෙනුනේ නෑ නේ .

" මූ එදා මගේ අඇහැට වැලි විසිකරලා දින්නේ . @%*$% බැරිද මට ටික වෙලාවකට ඉඩ දෙන්න . මුට දෙයක් කියලා දෙන්න " තවත් පිරිමි කටහඩක් එහෙන කියනකොට මට දැනුනා කම්මුල් පාරක හඩක් ! මන් හිතන්නේ මේක ෆයිටින් ක්ලබ් එකේ උන දෙයක් නිසාද කොහෙද . ඒත්

එයාලා ජන්කූක්ට ගැහුවද ?

අඇද රෙද්ද යටින් පුන්චිම පුන්චි තීරුවකින් පේන අඩි එක්ක මට පෙනුනේ සහ අඇහුනේ එයාලා ගහගන්න හඩ . ජන්කූක් අනිත් පැත්තට රන්ඩු වෙනවා . ඔව් නේ . මට අමතක උනා නේ එයාට ගහගන්න පුලුවන් කියලා .

ඒත් වෙලාවක්ට පස්සේ ජන්කූක් අඇදගෙන වැටුනා . මන් එලියට යන්නද ?එපාද ?

කිසි දෙයක් හිතාගන්න බැරුව ඉද්දි එයාලා ජන්කූක්ගේ කටේ ප්ලාස්‍ටර් එකක් අඇලෙව්වා . අඇඅස් වහන්න දෙයක් නැති පාර අඇස් වලත් ප්ලාස්ටර් අඇලෙව්වා . දෙයියනේ ඕක ගලවද්දි රිදෙයි නේ .

මන් පොලීසියට කෝල් කරන්නද ? ඒත් මන් කොහොමද කතා කරන්නේ . ජිමිනත් හැන්ගිලා . එයාට මැසේජ් දැම්මොත් නොටිෆි සද්දෙට එයාව අහු වේවි නේ . මන් දැන් මොකද කරන්නේ ? මන් කාටද කියන්න ඕන ? කොහොමද ජන්කූක්ව බේරගන්නේ ? ජිමින්ලව ?

බයත් එක්ක අසරන කම දැනෙද්දි මගේ අඇගම රත් වෙලා දහඩිය දාන්න ගත්ට්ගා . දෙයියනේ මට බෑ මේවා ඉවගන.. .

" අඇලෙක්ස් . අපි මූව ඉවරයක් කරමුද ? නැත්තම් ගේ පෙරලාලා හරි සල්ලි හොයමුද ? " තවත් පිරිමි හඩක් එහෙම කිව්වා. කී දෙනෙක් මෙතන ඉන්නවද දෙයියනේ ?

" එපා . එක බඩුවක් වත් අල්ලන්න එපා ! . බෝගම් සර් එනකන් මුකුත් කරන්න එපා . මොනා හරි කරලා අහු වෙන්නත් එපා " පිර්මි කෙනා එහෙම කියලා දොරෙන් එලියට ගියා

අනේ මට ජන්කූක් ගාවට යන්නත් හිතයි . ජිමිනට මොනා වෙලා අඇද්ද . මට කිසි දෙයක් හොයාගන්න බැරි උනා . ඒත් එක දෙයක් දැනන් හිටියා . රැහැයියෝ කෑ ගහන වෙලාව එනකන්ම මන් ජන්කූක්ගේ අඇද යට හිටියා කියන එක . ඒකත් කදුලු පෙරුන අඇස් එක්ක

ඔන්න ආයෙම වෙනස් අඩි සද්ද එනවා ..!

TBC

හේතු තියේ . හේතු තියේ බයවෙන්නෙපා 🤭

All Eyes On Us   ᵐᵘˡᵗⁱ-ᶜᵉⁿᵗʳⁱᶜWhere stories live. Discover now