🌟🌼Part 18🌼🌟

663 109 14
                                    

සෙමී : සැක් මන් කවදාවත් හිතුවේ නෑ Jung kook ඔහොම මිනිහෙක් කියල... කොහොමද රිකී එයා අපිට දුන්න ටෝක්.... අඩුම තරමේ එනවා කිව්වට පස්සේ වත්... ශික් අපිත් රැවටුනා නේ.... 😒😒😒

රිකී සෙමී ට තට්ටුවක් දාල ජීයුන් ව පෙන්නුවා.....

සෙමී : අනේ සොරි ජීයු.... මේ ඔක්කොම අපි දෙන්න නිසා 😢

ජීයු : නෑ සෙමී මේවා ඔයාලගේ වැරදි නෙවේ.... මේවට වැරදි මම...

රිකී : ඔක්කොම ඔයා පිටින් දාගන්න එපා ජීයුන්......

ජීයුන් කිසි කතාවක් නැතුව. ගේ ඇතුලට ගියා....ඔහේ ඇවිදගෙන ගිහින් ළග තිබ්බ පුටුවකට වැටිලා අඩන්න ගත්ත....

සෙමී : ජීයු... මේ මොකද ඒ පාර උබ අඩන්නේ....

රිකී : උබ ඔය අඩන්නේ අර බොරුකාරය වෙනුවෙන් නම් ඕක නතර කරගනින්....

ජීයු : ඇයි දෙයියනේ මම ඒ වගේ මිනිහෙක් ට ආදරේ කරේ 😢 ඒ මනුස්සය ව මගේ හිතින් අයින් කරන්න ඇයි මට මෙච්චර අමාරු...

රිකී : අහන්න ජීයු.... අපි අතිනුත් වැරැද්දක් උනා 😒 ඔයා මෙහෙම ඉන්නවට අපි කැමති නෑ... ඒ නිසයි ආපහු Jung kook එක්ක කතා කරේ... එයා මෙහෙම කරයි කියලා හිතුවේ නෑ ජීයු.... 😢

සෙමී : දැන් ඔයා Jung kook ව අමතක කරන්න විශ්වාස නැති කෙනෙක් ගැන හිත හිත අඩන එක මෝඩ කමක්....

ජීයු : 😢 ඇත්තටම ඇත්තටම එයා මට ආදරේ කරලා නෑ 😢 කලින් මගේ හිත මන් හදාගත්තේ එයා මට එක මොහොතක් හරි ආදරේ කරන්න ඇති කියලා හිතලයි... ඒත් එහෙම නෑ...අන්තිමට උනේ මන් ආයෙත් මේ ලෝකේ තනි උනා... 😢

සෙමී : අපි දෙන්න ඉන්නකල් ඔයා කවදාවත් තනි වෙන්නේ නෑ ජීයුන් ඔයා මොනවාද මේ කියන්නේ........

රිකී : Jung kook හම්බෙන්න කලින් ඔයාට තනි කමක් දැනුනද ජීයුන්... අපි ඔයත් එක්ක හිටිය නේ අපි කොච්චර සතුටින් හිටියද ඇයි ඔයාට බැරි ආපහු ඒ අතීතේට යන්න.. මේ දේවල් අමතක කරලා දාන්න...

ජීයු : මන් උත්සහ කරනවා.... 😢 මන් කොහොම හරි එයාව මගේ හිතින් අයින් කරනවද ඒ වගේ ජරා මිනිහෙක් ආයෙත් මගේ ජිවිතේට ඕන නැහැ...

ජීයුන් කදුළු පිහද ගෙන පුටුවෙන් නැගිටලා සෙමී යි රිකී යි දිහා බලලා හිනා උනා....

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now