🌼🌟Part 29🌟🌼

972 134 58
                                    

ජීයු : මොකුත්ම වෙන්නේ නෑ Jung kook මාව විශ්වාස කරන්න අපි දෙන්නව වෙන් කරන්න එහෙම ලේසියෙන් බැහැ.. ඔයා වෙනුවෙන් මන් ආපහු නැගිටිනවා මන් ඔයාට පොරොන්දු වෙනවා....මට ඔයාගෙන් ඈත් වෙන්න නම් කියන්න එපා මට ඒක කරන්න බැහැ....

Jung kook ලොකු හුස්මක් ගත්ත....

Jk : හරි අපි මේක කරමු.....

Riki : ජීයුන්... ඔයාට මේක කරන්නම ඕනද...

Semi : එක පාරකුත්.... 😞

ජීයු : ඔයාලා දෙන්න පොඩ්ඩක් වත් බය වෙන්න එපා... මට මොකුත්ම වෙන්නේ නැහැ...Jung kook ඉන්නවා නේ... මට අපේ ආදරේ විශ්වාසයි...

මන් ඒ දෙන්නම බදා ගෙන එහෙම කිව්වේ මන් දන්නවා දැන් ඒ දෙන්න ඉන්නේ ගොඩක් කලබල වෙලා කියලා....

ටිකක් වෙලා එහෙම හිටපු මම ආපහු Jung kook ළගට ගියා... ගිහින් එයාගේ ඉස්සරහින් හිටගත්ත...... එයා හොදටම කලබල වෙලා........හැමෝම අපි දෙන්න දිහා බලන් හිටියේ කදුළු පුරව ගත්තු ඇස් වලින්....හෙමින් සැරේ මගේ ළගට ආපු Jung kook මගේ නළලට කිස් එකක් දුන්න....ඊට පස්සේ Jung kook එයාගේ තොල් දෙක මගේ බෙල්ලට අරන් ගියා... එයාගේ තොල් මගේ බෙල්ලේ ගෑ වෙනවා ත් එක්කම මන් jung kook ගේ බෙල්ල තදින් අල්ලගෙන ඇස් දෙක වහ ගත්ත.....
Jung kook ගේ දත් දෙක මගේ බෙල්ල ඇතුලට යද්දී මට දැනුන වේදනාව දරා ගන්න උත්සහ කලත් මගේ කටින් හීන් කෙදිරියක් පිට උනා...
.
.
.
.
.
.
.
.
.
.
Jung kook'S POV

මේ දේ කරන්න මගේ හිතේ කිසිම කැමැත්තක් නැහැ.... ඒත් ජීයුන් ට මේ ගැන ලොකු විශ්වාසයක් තිබ්බ.... ඒ විශ්වාසය මාව ශක්තිමත් කරා....මම මගේ දත් වලින් ජීයුන් ගේ බෙල්ල හපද්දී ජීයුන් ගේ කටින් පුංචි කෙදිරියක් පිට උනා.... ඒ එක්කම එයාට සිහි නැති උනා.... මම එයාව මගේ අත් දෙකට වාරු කරගෙන බිමින් හාන්සි කෙරෙව්වා...ජීයුන් ගේ බෙල්ලෙන් ගලන ලේ පාර දැක්කම මාව වෙවුලන්න ගත්ත..... මේ දේ නොකර හිටිය නම් කියලත් මට හිතුන...කවුන්සිල් member කෙනෙක් මන් ළගට ඇවිල්ල කිනිස්සක්‌ මගේ දිහාවට දික් කරා... මන් ඒ කිනිස්ස මගේ වෙවුලන අත් වලින් අරගෙන ඒකෙන් මගේ අල්ල කපා ගත්ත..ඊට පස්සේ මම මගේ අත ජීයුන් ගේ කට ළගට ලං කරා......

🌠 : ඔයා හොදට කරා Jung kook.... ඔයාගේ වැඩේ දැන් ඉවරයි.... දැන් තියෙන්නේ එයා නැගිටිනකම් බලන් ඉන්න විතරයි......

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now