🌼🌟Part 19🌟🌼

645 110 19
                                    

Jk : මට පුළුවන්... ප්‍රශ්නයක් වෙන එකක් නැහැ....

Jung kook එහෙම කියලා එයාගේ ශක්තිය එළියට ගන්න ඇස් දෙක වහගත්ත.....

ඒත් බලේ පාවිච්චි කරන්න හදන කොටම ආයෙමත් Jung kook ගේ කටින් ලේ එන්න ගත්ත.

Joon : ඇති jung kooka ඕක නවත්තන්න උබට තාමත් හොද නෑ

Jk : අද මන් නවතින්නේ නෑ මාව නවත්තන්න එපා..... මේ විදිහට දිගටම හිටියොත් මට පිස්සු හැදෙයි.

Jimin : උබේ ජිවිතේ උබට වැඩක් නැද්ද....

Jk : මගේ ජිවිතේ ට වඩා මට එයාව වටිනවා....

Jung kook කව්රුත් කියන දෙයක් ඇහුවේ නැහැ...
.
.
.
.
.
.
.
.
.
At ජීයුන් House

යාලුවෝ තුන් දෙනාත් එක්ක කාමරේට වෙලා හොදට පාඩම් කර කර හිටියේ... හැබැයි ජීයුන් ට නම් පාඩම් කරන්න හිත හදා ගන්න ලේසි උනේ නෑ... හැම තප්පරේකදිම එයාට මතක් උනේ Jung kook ව...... එයාල සතුටින් හිටපු කාලේ මතක් කරන කොට ජීයුන් ගේ මූණ ට පුංචි හිනාවක් ආවේ එයටත් නොදැනීමයි.. හැබැයි එයාල වෙන් උන හැටි, jung kook එයා ඉස්සරහම වෙන girl කෙනෙක් කිස් කරපු හැටි, Jung kook ට බැනපු හැටි මේ දේවල් මතක් වෙද්දී ජීයුන් මේසේට ඔලුව තියන් අඩන්න ගත්ත.....

ජීයුන් ඉකි ගහන සද්දේ ට රිකී සෙමී යි ත් හිටපු තැන් වලින් නැගිටලා එයා ළගට ආව...

සෙමී : මේ මොකද ජීයුන් උබ එක පාරටම අඩන්න ගත්තේ....

රිකී : ඇයි මැණික මේ අඩන්නේ.... ඔයා තාමත් කල්පනා කරන්නේ අර Jung kook ගැනද...

ජීයුන් නැගිටලා රිකී ව බදා ගෙන ආයෙත් අඩන්න ගත්ත....

ජීයු : මගේ හිතට මේවා දරා ගන්න බෑ රිකී 😢 මට හැම තිස්සෙම පරණ දේවල් මතක් වෙනවා 😢 මන් දාන්නේ නෑ මොනවා කරන්නද කියලා....

රිකී : අපිට තේරෙනවා මැණික... එහෙමයි කියලා ඔයා හදන්නේ මුළු ජිවත කලේම....

ජීයු : නෑ මට ඕනා නෑ මුළු ජිවිත කාලෙම මට ආදරේ නොකරන කෙනෙක් නිසා විදවන්න............මට මේ දේවල් අමතක කරන්න ඕන....

සෙමී : දැන් ඕක නවත්තපන් බන්... අපි තුන් දෙනා හිටිය වගේ ඉමු.....එන්නකෝ අද අපි තුන් දෙනා ඕව අමතක වෙන්නත් එක්ක කොහේ හරි ගිහින් බඩ පැලෙන්න කමු 😌

❤ Still With You ❤ [Completed ]Where stories live. Discover now