👀4 - කල්‍යාණ මිත්‍රයෝ

274 54 14
                                    

කාලය ගෙවිලා ගියේ සහස්‍රාට සතුට උදාකරමින්. අනුල්‍යා එයාගේ යාලුවො ගැන්සියට සහස්‍රාව ඇතුල් කරගත්තා විතරක් නෙමේ එයා පිහිටුවාගෙන ඉඳපු සංගම් වලටත් සහස්‍රාට ලොකු ඉඩක් දුන්නා.

"අනුල්‍යා!!!"

"ඕ"

"ඔයාට කුමුදුනී මැඩම් කතා කරනවා" 

සඳුනිකා එහෙම කියලා ආපහු කන්ද උඩට දිව්වා. අනුල්‍යා ඒ වෙද්දි ස්කෝලේ ඇරිලා පාර දිගේ ගේට් එක දිහාට යන ගමන් හිටියේ.

ආපහු කන්ද උඩට බෑග් එක උස්සගෙන බඩගාන්න බැරි නිසා එයා පොත් බෑග් එක උරහිසින් පන්නලා බෙල්ලේ තිබ්බ වතුර බෝතලෙත් එක්ක පොල් ගහ පාමුල තියලා උඩට දිව්වා. ක්ලාස් එකට යද්දි ක්ලාස් එකේ හිටියේ මෙනුදි විතරයි. එයත් යන්න ලෑස්ති වෙලා එලියට එන ගමන්

"කෝ ටීච?"

"මං දන්නේ කොහොමද?" මෙනුදි කිව්වේ නුරුස්සන හඬින්.

"මට එන්න කියලා පණිවිඩයක් එවලා තිබ්බා. ඒකයි ආවේ මං."

"ඔයාට කවුරුහරි විහිලුවක් කරලා" මෙනුදි සමච්චලේට කියලා ක්ලාස් එකෙන් එලියට ආවා.

 "මං යනවා" අනුල්‍යාගේ උරහිසට තට්ටුවක් දාලා මෙනුදි ක්ලාස් එක ගාවින් පඩිපෙල බැස්සා.

"සඳුනිකා ආවෙත් නැද්ද ක්ලාස් එකට?" අනුල්‍යා පඩිපෙල බහින මෙනුදිගෙන් කෑ ගහලා ඇහුවා.

ඔලුව දෙපැත්තට වනලා නෑ කියලා මෙනුදි ඔෆිස් එක ගාව කොරිඩෝ එකට හැරුනා. දිග සුසුමක් හෙලපු අනුල්‍යා ආපහු එක වසරේ ක්ලාස් පැත්තෙන් පාර දිහාට ගියේ මෙනුදි ගිය පැත්තෙනුත් ඔෆිස් එක ගාවින් පාරට වැටෙන්න පුළුවන් උනත් දැන් මෙනුදි පස්සෙන් යන්න බෑ හිතුන නිසා.

Meanwhile

"ඒ මෝඩි ආපහු ක්ලාස් එකට දිව්වද? මහ මැටි ගොඩක් හැබැයි. මේ වෙලාවට කුමුදුනී මිස් ක්ලාස් එකේ නෑ කියලවත් දන්නැද්ද එයා"

"එයා බෑග් එකයි බෝතලෙයි පොල් ගහයට දාලා ගිහින් තිබ්බා. මං ඉතින් පුංචි තල්ලුවක් දුන්නා"

ඔෆිස් එකට කලින් තිබ්බ ඉසුරු උදාන කවුන්ටරේ අස්සෙන් මෙනුදිට ඇහුනේ කෙල්ලො දෙන්නෙක්ගේ හිකි හිකියක්.කිව්ව දේවල් ඔලුවට දාගන්නත් කලින්ම මෙනුදි දැක්කේ කොරිඩෝ එකේ කුටු කුටු ගගා ඉන්න සහස්‍රාත් සඳුනිකාත්. මෙනුදි අඩියට දෙකට එතෙන්ට ගියේ අනුල්‍යා සඳුනිකාව හෙව්වා කියලා මතක් වෙලා.

DandelionWhere stories live. Discover now