කාලේ ගෙවුනේ හරි ලස්සනට. අපේ ක්ලාස් එක ගාව තියෙන වංගුව අපි දෙන්නා මුණගැහෙන තැන වෙද්දි එයා හැමදාම උදේටයි, ඉන්ටවල් එකටයි, ෆ්‍රී පීරියඩ් වලයි ඉස්කෝලේ ඇරුනමයි ලද හැම තප්පරේකම වංගුවට ඇවිල්ලා මට කතා කරලා යන නිසා අපේ ක්ලාස් එකේ ළමයින්ගෙන් අපි දෙන්නා ගැන වසං කරලා තියාගන්න මාසයක්වත් බැරි උනා.
එයා උදේට මං එනකන් බලන් ඉන්න නිසා මං ටිකක් උදෙන් ස්කෝලේ එන්න පුරුදු උනා. ඒ වෙද්දි අපි ගෙවල් මාරු කරලා ස්කෝලේ ළග ගෙදරකට ඇවිල්ලා තිබුන නිසා මට චුට්ටක් උදෙන් ඇහැරින්න විතරයි ඕන උනේ. ගාතා කියන්න කලිම් බෑග් එකත් දාගෙනම මං එයා එක්ක කතා කරලා තමා ක්ලාස් එකට එන්නේ. ඉන්ටවල් එකට කාපු ගමන් එයා අපේ පොට් එකට ඇවිල්ලා බලන් ඉන්නවා මං එනකන්. මැෂින් එකක් වගේ ඔච්චර ඉක්මනට කනවද ගිලිනවද මංදා මාත් ඉතින් ලහි ලහිගේ චුට්ටක් ගිලදාලා දුවනවා. ඒ හින්දා මං තවත් කැහැටු වෙලාද මංදා.
එයාලට ෆ්‍රී පීරියඩ් එකක් තිබුනොත් අනිවාර්යයෙන්ම එයාගේ යාලුවෙක් එක්ක අපේ ක්ලාස් එක ඉස්සරහින් එහාට මෙහාට යන එක එයා පුරුද්දක් කරගෙන හිටියා. එයා යද්දි ක්ලාස් එකේ ළමයි ඔක්කොම ඩ්‍රිල් එකක් වගේ මගේ දිහා බලනවා. මං ඉතින් ඉක්මනට පොත් අස්සේ මූණ හංගගන්නවා. ක්ලාස් එකේ ළමයි අපි දෙන්නා ගැන දැනගත්තු එකෙන් උන එකම හොඳ දේ මට වුන අඩත්තේට්ටම් නැවතිලා ගිය එක. ඒකට හේතුව නම් සහස්‍රාට තිබුන බය. එයා වසයි. අනික කැඩෙට්ස්ලාට ස්කෝලේ ළමයින්ගේ පොඩි බයක් තිබුනා.
මගේ ගෲප් එකේ ළමයි මාත් එක්ක වැඩිපුර හිතවත් උන එකත් තව දෙයක්. ඒත් ඒ හිතවත්කම් හදවතින්ම ආපු ඒවද මං දන්නෑ. මට ඉස්සර ඉඳන්ම යාලුවෝ හිටියා. ඕනතරම්. මං ඕනවට වඩා ස්කෝලේ ජනප්‍රිය එක ඒකට රීසන් එකක් වෙන්නැති. ඒත් ඒ එකක්වත් හදවතින්ම ආව යාලුකම් කියලා මට හිතුන්නෑ. දෙයක් බය නැතුව කියන්න පුළුවන් ආදරණීය යාලුවෙක්ගේ ලොකු අඩුවක් තිබුණා මට. ස්කෝලෙදි තනිවෙලා වගේ හැඟීමක් එන්නේ යාලුවෝ නැතුව නෙමේ. ඔයාලට දැනිලා තියෙනවාද අඳුරන කියන ගොඩක් අය මැද තනිවෙලා කියලා දැනෙන හැඟීමක්. අන්න ඒ වගේ හැඟීමකුයි මට තිබුනේ. යාලුවෝ වැඩි වෙන්න වෙන්න අපිව තේරුම් ගන්න - එක - හොඳ යාලුවෙක් නැති අඩුව දැනෙනවා වැඩී.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...