බිත්තරේ සිද්දියෙන් පස්සේ අනුල්‍යා දඟ කරන්නැතුව ටික කාලයක් හිටියා. එයාගේ හිත තදින් රිදිලා කියලා තේරුන නිසා කවුරුත් ආපහු ඒ ගැන අහන්නවත් කතා කරන්නවත් ගියේ නෑ එයා ඉස්සරහා.
ශිෂ්‍යත්වෙත් ළඟ ළඟම එන නිසා ළමයින්ට දඟ කරන්න කාලයක් තිබුනෙත් නෑ. හැමෝම ස්කෝලේ වැඩ වලට අමතර පන්ති පේපර් පන්ති නයිට් ක්ලාස් වල කාර්‍යබහුල උනා.
අනුල්‍යාට ජීවිතේ ගැන, ලෝකේ ගැන, අහස ගැන, මූද ගැන සෑහෙන්න ප්‍රශ්න තිබුනා. පරිසරය පාඩමේදි හැමදාම එයා පන්තිභාර ටීචර් එක්ක තර්ක කරන එක ක්ලාස් එකේ ළමයින්ට එපා වෙලා තිබ්බේ.
"අද නම් ඔයාට මොන ප්‍රශ්නේ ආවත් කටවහන් ඉඳලා ක්ලාස් එකෙන් පස්සේ අහන ප්‍රශ්නයක් අහන්න හරි ද?"
ඉන්ටවල් එකෙන් පස්සේ පරිසරය පීරියඩ් එකට ක්ලාස් එක ඇතුලට යන අනුල්‍යාව දොරකඩ නවත්තලා සංජු එහෙම කියලා එයාගේ පරිවාර සේනාවත් එක්ක අනුල්‍යාව හප්පගෙන ක්ලාස් එක ඇතුලට ගියා. සිද්දවුන දෙයින් හිත රිදෝගත්තු අනුල්‍යා පඩිපෙල බැහැගෙන ඔඩිටෝරියම් එක දිහාට ගියා. ඔඩිටෝරියම් එකේ එලියේ කෑල්ලේ ළමයි එක්රැස් වෙලා ඉන්නවා එයා දැක්කා.
"මොකද ඔතන කරන්නේ?"
අනුල්‍යාත් ගිහින් හොම්බ දාලා බැලුවා.
"ඩාන්සින් කම්පෙටිශන් එක්කට ළමයින්ව තෝරනවා"
එතන ඉඳපු ළමයෙක් අනුල්‍යාට උත්තර දුන්නා.
"ඕන කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් ද?"
"ඔව්"
අනුල්‍යා සපත්තු දෙක අද්ද අද්ද ගිහිල්ලා පෝලිමේ කෙලවරය එකතු උනා.
එයා නටන්න පුදුම තරම් ආසයි. පුංචි කාලේ ඉඳලා සින්දුවක් ඇහුන ගමන් මේසයක් උඩට නැගලා නටන පුරුද්දක් අනුල්‍යාට තිබ්බා. ගොඩක් අයට එයාව මතක තිබ්බෙත් මේ නැටිල්ල නිසාම තමා.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...