👀5 - එක්සිබිශන් එක

288 53 31
                                    

"ළමයි ඔයාලා තමා දැන් මේ ස්කෝලේ ලොකුම ළමයි. නංගිලාට ආදර්ශයක් වෙන්න හැසිරෙන්න ඕන හොඳද?"

ප්‍රයිමරි එකේ ලොකුම ළමයි ටික විදියට පහ වසර ටිකිරි ක්ලාස් එක අත්පුඩි ගහලා පොඩි සද්දයක් දැම්මා.

"මේ අවුරුද්දේ ස්කෝලෙන් කරන ප්‍රදර්ශනේට ඔයාලා ක්ලාස් එකෙන්ම මොකක්හරි හදන්න ඕන. කාටහරි මොනාහරි අදහස් තියෙනවද?"

"ටීච අපි මිහින්තලේ හදමු?"

"බීච්?"

"ඔයා හිතුවද තරූ... ටීච ට්‍රිප් එකක් යන්න තැනක් ඇහුවා කියලා?"

ක්ලාස් එකම මහ හඬින් හිනා වුනා.

"නෑ. සමනල කන්ද"

"කමතක් හදමු. අපිට කමත් භාෂාව එක්සෑම් එකටත් එනවනේ"

"අපෝ ඒක බිත්තියෙත් ඇඳලා තියෙන්නේ ආයේ හදන්න ඕන්නෑ"

"ටීච අපි ග්‍රහලෝකාගාරයක් හදමු"

"හා!!!"

මෙච්චර වෙලා හැමෝගෙම අදහස් වලට බකට් ඇද්ද සහස්‍රා අනුල්‍යාගේ අදහසට එක පයින් කැමති උනා. ක්ලාස් එකෙන් බාගෙට බාගයක් සහස්‍රාට ඔරවන්න ගත්තා.

"ගුඩ් අයිඩියා අනුල්‍යා."

ක්ලාස් ටීචත් එයාගේ අදහස අගේ කරද්දි අනුල්‍යා සහස්‍රා දිහා බලලා හිනාඋනා. අනුල්‍යාගේ තදම තද දුඹුරු පාට ඇස් අස්සේ ගිලුන සහස්‍රා ඒ ඇස් දිහාම බලාගෙන උන්නේ තමන්ගේ වටේ සද්ද බද්ද වලින් එයා නිදහස් වේගෙන යද්දි.

එක්සිබිශන් එක ළං වෙන්න වෙන්න පහ වසරේ ළමයි සෑහෙන්න බිසී උනා. එයාලනේ ප්‍රයිමරි එකේ ලොකුම ළමයි ටික. ඉතින් හැමදේම හොයලා බලලා කරන්න උනේ එයාලට. ළමයින්ටම නායකත්වය ගන්න දෙන්න කියලා තිබ්බ නිසා ගුරුවරුන්වත් වැඩිහිටියන්වත් එයාලගේ වැඩ වලට බාධා කරන්න ගියේ නෑ. එයාලා ළගින්ම ඉඳලා පොඩි වුන්ට තනියම කරගන්න බැරි වැඩ වලට පොඩි හෙල්ප් එකක් දීපු එක විතරයි කරේ.

පහ වසරේ කෙලවරේම ක්ලාස් දෙක වෙන් කරලා තිබ්බේ එහා මෙහා කරන්න පුළුවන් බෝඩ් කෑලි දෙකකින්. ඒ දෙක අයින් කරලා එතන කලු ඉටිකොල ගහලා ග්‍රහලෝකාගාරේ විදියට හදලා දුන්නේ ළමයින්ගෙ තාත්තලා.

DandelionWhere stories live. Discover now