නොදැනුවත්වම මට මගේ යටි තොල හැපුනා. ඒක මගේ ලොකු දුර්වලතාවයක්. ඕනම සීරියස් මොහොතකදි, නැත්නම් කල්පනාවක ඉන්න අවස්තාවකදි ඉබේටම මගේ යටි තොල හැපෙන එක. මං කරපු දෙයින් සහස්‍රාගේ ඇස් ලොකු උනා. එයා එක එල්ලේ මගේ තොල් දිහා බලාගෙන හිටියා. අවට සද්ද බද්ද සියල්ලම අඩු වෙලා ගිහිල්ලා සෝ ගාලා එක සද්දයක් විතරක් ඇහෙන්න ගත්තා. ඒකත් හරිම හිමින්. ඊට වඩා සද්දෙට මගෙයි සහස්‍රාගෙයි දෙන්නගෙම හාට් බීට් එක මට ඇහෙන්න ගත්තා. ගලිවර්ගේ මෝල් ගහෙන් පිටිකොටනවා වගේ, ඒක තප්පරේකට එකසිය හැටේ වේගෙන් ඩුං ඩුං ගෑවා.
"අනුල්‍යා... මං තවුසෙට කී පාරක් කතා කරාද? මොන ලෝකෙද හිටියේ?"
එකපාරම පසන්දි මාව එයා දිහාට ඇදලා ගද්දි මං වෙන මානයක ඉඳන් මේ ලෝකෙට වැටුනා වගේ හැගීමක් දැනුනා. ආපහු ක්ලාස් එකේ ඝෝසාව මහා සද්දෙට ඇහෙන්න ගද්දි මං ඉන්නේ ක්ලාස් එකේ කියලා මට අවබෝධ උනා.
සහස්‍රා අඩියට දෙකට එයාගේ ක්ලාස් එකට දිව්වා. ඒත් ඒ ඇයි කියලවත් මට නිච්චියක් වුනේ නෑ.
"අහ්?"
"අහ් තමා කොයිලෝකෙද හිටියේ අනුල්‍යා?? කී පාරක් කතා කරාද මං ඔයාට?"
"මං දන්නෑ" මං උරහිස් ඇකිලුවා
"දැනගන්නේ කොහොමද මෙලෝ සිහියකින්යෑ හිටියේ"
"ඇයි මොකක්ද උනේ?"
"මුකුත් උනේ නෑ මං ආව හින්දා. තව චුට්ටක් එහෙ මෙහෙ උනානම් තවුසෙව ස්කෝලෙන් අස් කරලා"
"හරි දැන් මාව අස් කරලා නෑනේ තාම. පොඩ්ඩක් කලබල නොවී උන දේ කියන්නකෝ. මාව නිකන් කරකවලා අතෑරලා වගේ"
"මාව අරුන් ටික ගෙන්නගත්තා උන් ගාවට එන්න එන්න කියලා මොකක්ද පෙන්නන්න තියෙනවා කියලා. මෙතන සහස්‍රා එක්ක උඹව තනිකරන්න බැරි නිසා මං ගියේ නෑ. ඊටපස්සේ උවිනි ඇවිල්ලා මාව ඇදගෙන වගේ ගියා. උඹලා දෙන්නා මෙතන ක්ලාස් එක ඉස්සරහ ස්ටේජ් එකේ වගේ තනියම හිටගෙන. මට එන්න නොදී අරුන් අල්ලගෙන හිටියේ මාව. උඹලා දෙන්නා මූණෙන් මූණ බලන් හිටිය විදියට මෙහෙ ඉඳන් බලද්දි පේන්නේ කිස් එකක් වගේ. මුන් ටික උඹලා දෙන්නගේ ෆොටෝස් ගැහුවා. ඒකයි මාව ඔතනින් අයින් කරන්න මට කතා කරලා තියෙන්නේ. ෆොටෝ එකට උඹලා දෙන්නා විතරක් ෆෝකස් කරන්න. උවිනිගෙන් ගැලවිලා එන්න පුළුවන් උන ගමන්ම තමා මං ආවේ. මං ආවේ නැත්නම් ඇත්තටම සහස්‍රා තවුසෙව කිස් කරලා."
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...