හැමදේම සාමකාමිව පැවතුනේ ටික දවසයි. එදා හරි අඳුරු දවසක්. විශාල කලු වලාකුලු, ගෝල් ෆේස් අහස පුරා කරක් ගහපු හෙලිකොප්ටර් යානා වගේ එහා මෙහා කරක් ගැහුවේ කුණාටු වැස්සකට ආරාධනා කරන්න.
මං හැමදාම ක්ලාස් එකට ආවේ පරක්කු වෙලා. ඒකට හේතුව මාව ප්‍රිෆෙක්ට් කෙනෙක් විදියට තේරීපත් වීම. තවම බැජ් පැලැන්දවීමේ උලෙලක් පැවැත්වුනේ නැතත් තම තමන්ට හිමි අංකය බ්‍රිසිල් බෝඩ් රවුමක ලියලා යුනිෆෝම් එකේ කොලර් එකේ කෙලවරක ගහගෙන අපිට ඩියුටි කරන්න නම් සිද්ද වුනා. ඒ නිසා මං වෙනුවෙන් මට ක්ලාස් එකේ ඉඩක් අල්ලගන්නේ සහස්‍රා. එයා ගාව.
"එක්ස්කියුස් මී සර්!"
ඇහෙන නෑහෙන ගානට මුමුණලා මං පිටිපස්සේ දොරෙන් ක්ලාස් එකට රිංගගත්තා. වෙනදට සහස්‍රා මගේ යාලුවොත් එක්ක ඉන්න තැන අද හිටියේ වෙන ළමයි පිරිසක්. දන්න කියන මූණක් හොයාගන්න බැරුව මං අතරමං වුනා. ක්ලාස් එක කෙරීගෙන යනවා. මං ක්ලාස් එක මැද හිටගෙන බඹර චක්‍රෙ වගේ කැරකි කැරකි යාලුවෝ හොයනවා.
"අංක 27, අනාගත ශිෂ්‍ය නායිකාව! එන්න ඉස්සරහට"
සර් මයික්‍රපෝනයට කිව්වම මං උඩ විසි උනා. ඔය අහගත්තේ සනීපයි දැන්. මට මේ මගුල් බෝඩ් එක ගලවන්න අමතක වුණානේ. මං සහස්‍රා ඇතුලු මගේ අතිජාත්‍ර මිත්‍ර රැලටම හිතින් බැන බැන ක්ලාස් එක ඉස්සරහට ඇවිදගෙන ගියා. පිරිමි ළමයි වාඩිවෙලා හිටපු පැත්තෙන් කසු කුසුවක් එක්ක සූ හඬක් නැගීගෙන ආවාත් ඒක ඉක්මනට නැවතිලා ගියා.
ඉස්සරහම පේලියේ ගෑනු ළමයි දෙන්නෙක් වාඩිවෙලා හිටියා. මං ගාවින්ම හිටියේ ඉණ ගාවට කොන්ඩ දෙකක් ගොතපු ගෑනු ළමයෙක්. ටයි එක දැක්ක ගමන් මං එයා අපේ තරඟකාරී පාසලේ කියලා දැනගත්තත් එයාලා ළගට ඇවිල්ලා ඉන්නේ මං නිසා සුහදත්වය පෙන්නන්න මං හිනාවුනා. එයාලගේ ඩෙස්ක් එකට ඇවිල්ලා ලොකු සීන් දාන්න බෑනේ. එයාට එහා පැත්තෙන් හිටපු ළමයව මට පෙනුනේ නැත්තේ එයා මෙයාට වඩා උසින් අඩු නිසා වෙන්නැති.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...