සිහිනය

204 44 7
                                    

ගොම්මන් අඳුර මැද 

සිඳු ගිලගන්න දිනිදු දෙස 

මුනිවත රකිමින් බලන් ඉමි මම 

හදවත දොඩමලු වූ නිසා 

-අනුල්‍යා-


ඔබගේ පසෙකින් අසුන් ගෙන 

ඔබෙ  සුවඳ මුසු නල විඳ

කියන්නට  යමක් අමුණමී මම 

 ඔබත් නිහඬව උන් නිසා 

-සහස්‍රා-

2022-08-19
















පදවැලට හේතු වූ සිද්දිය :

අනුල්‍යාගෙන් සහස්‍රාට - 

මං හීනෙන් දැක්කා - නිශාධි තාමත්  ඔයා එක්කද ඉන්නේ අහපු දවසේ - ඇයි දන්නෑ මට හිතෙන්නේම එයා අපේ ආදරේ දුෂ්ටයා කියලා - මං වැල්ලේ වාඩිවෙලා හිටියා. එතකොට හොඳටම හවස. ඉර චූටි නියපොත්තට වඩා චුට්ටක් ලොකු ඇති. මං ත්‍රී ක්වාටර් එකක් ඇදලා ලොකු හූඩියකුත් දාගෙන බිම වාඩිවෙලා දණිස් දෙක නිකට ගාවටම අරං මුහුද දිහා බලන් හිටියේ. ඔයා ඇවිල්ලා මගේ ගාවින් වාඩිවුනා. සද්ද නොකර. හොරෙක් වගේ. මාත් සද්ද නොකර හිටියා ඔයත් සද්ද නොකර හිටියා මුකුත්ම නොකර අපි නිකන්ම මුහුද දිහා බලන් හිටියා. කලුවර වැටෙද්දි මං ඔයාගේ උරහිසින් ඔලුව තියාගන්න නැවුනා.එතකොටම නිශාධියි මට නම් මතක නැති ඔයාගේ ඔක්කොම යාලුවො එතෙන්ට කඩන් පාත් වෙලා හිනාවුනා. හැබැයි **** විතරක් හිටියේ නෑ. ඒකනේ මං එයාට විතරක් ආදරේ - ඔයාගේ යාලුවොන්ගෙන්. මං ගැස්සිලා ඇහැරුනා එතකොටම 


*** - මෙනුදිගේ සැබෑ නම. ඒක කතෘ විදියට මං අයින් කරා. නිශාදි නිශාදිම තමා කතාවෙත් ඇත්ත ජීවිතෙත්. ඒකයි වෙනස් නොකරේ නම.

අද අනුල්‍යා දුකින්. ඔයාලට පුලුවන් කැමතිනම් එයාගේ  හිත හැදෙන්න දෙයක් කොටන් යන්න. එයා කියවාවි රෑවෙලා. මේක දැම්මේ එයා වෙනුවෙන්. හුස්ම ගන්න බෑ කෙල්ලට අඬලම. 

කතෘගෙන් සහස්‍රාට : ඇති බං දැන්!!!

DandelionWhere stories live. Discover now