👀21 - අලුත් අවුරුද්ද

190 41 41
                                    

ලෝන්ග් ස්ලීව්ස් යුනිෆෝම් එක ඇඳලා තෙල් ගාලා කොන්ඩේ මැදින් බෙදලා කරල් දෙකට ගොතලා සපත්තු පොලිශ් කරලා බැජ් ගහගෙන මං කවදාවත් නැතුව මනුස්සයෙක් වගේ ස්කෝලේ ගියා. ඒ අපේ ශිෂ්‍ය නායක බැජ් පැලැන්දවීමේ උත්සවය දවස. එදා දවසම උගැන්වීමේ කටයුතු සිදු නොකරන නිසා ශිෂ්‍ය නායක නොවන එයාලගේ හොඳම යහලුවොත් නොවන අනික් ළමයි හුඟ දෙනෙක් එදා ස්කෝලේ ඇවිල්ලා තිබුනේ නෑ.
මං ක්ලාස් එකට ගිහින් බෑග් එක තියලා ආපහු ස්ටේඩියම් එකට දිව්වා. මගේ ගෲප් එකේ ළමයි බැඩ්මින්ටන් ටීම් එක වගේම ක්‍රිකට් ටීම් එකත් මට අත වැනුවා. ඒ හැමෝම ඇවිල්ලා මං වෙනුවෙන්. මං ආපිටට අත වැනුවේ දත් තිස් දෙකම එලියේ දාගෙන.

'සහස්‍රාත් ආවද දන්නෑ මං වෙනුවෙන්' මං නිකමට හිතුවා.

"අනුල්‍යා ප්‍රිෆෙක්ට් රූම් එකේ දොර ගාවම මේසේ උඩ ඇති පහන් පුරෝපු පෙට්ටියක්. ඉක්මනට ඒක අරගෙන එන්න." 

සීනියර් අක්කා කෙනෙක්ගේ අණට මං ආපහු හැරිලා දිව්වා. ආට්ස් එක ඇතුලෙන් යන්න ළඟ නිසා මං පඩිපෙළ නැගලා ඒ පාරෙන් යන්න ගියේ. මගේ ඉස්සරහටම ආවේ සහස්‍රායි එයාගේ කැඩෙට් යාලුවායි.

'සහස්‍රා මගේ බැජ් පැළැන්දවීමේ උත්සවේ බලන්න ස්කෝලේ ඇවිල්ලා' මං හිතින් ඩෙඟා නැටුවා.

"සහස්‍රා ගුඩ් මෝ-" 

එයාට ළං වෙද්දිම පහන් ගේන්න පරක්කු වෙන නිසා මං එයාට ගුඩ් මෝනිං කියාගෙන දුවගෙන යන්න ගියත් එයා මගේ අතින් ඇදලා අරං ආට්ස් එකේ බිත්තියට හේත්තු කරා.

"සහස්‍රා? මං හදිස්සි-" 

එයා මගේ තොලට ඇගිල්ල තිබ්බම මං ඇස් වහගත්තේ එයා අත ඉස්සුවේ මට ගහන්න කියලා මට හිතුන නිසා. එයා කරන්න යන දේකට බාධා කරනෙක එයා රුස්සන්නේ නැහැ.

මුකුත්ම නොවුන නිසා  මං ආයේ ඇස් ඇරලා බැලුවා. සහස්‍රා මං දිහාම බලාගෙන ඉන්නවා.

"ලෝන්ග් ස්ලීව්ස් වලට ඔයා මාරම ලස්සනයි අනුල්‍යා. ඔයාට මැච් වෙනවා එහෙම ඇඳලා. ගෙම්බි. අද මාත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන්න එනවද?" 

එයා මගේ කනට කරලා ඇහුවා.

"අහ්?" 

මං ඇස් ලොකු කරගත්තා.

DandelionWhere stories live. Discover now