👀11 - බාස්කට්බෝල් මැච් එක

241 54 54
                                    

"අනුල්‍යා...." 

ස්පෝට්මීට් එකේ  සමාරම්භක උලෙල දවසේ පූජා නැටුමේ කොස්ටියුම්ස් ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට යන්න ඩාන්සින් රූම් එකෙන් මං එලියට බැස්සේ සුපුරුදු පරිදි පරක්කු වෙලා කලබලේ. අනිත් අය ඔක්කොම ගිහින් ඉවරයි. මං එළියට එද්දි පඩිපෙල මුල්ලේ සහස්‍රා. එයාගේ යාලුවෙකුත් එක්ක. යාලුවා මං දිහා රවලා වගේ බලද්දි මං ඉක්මනට සහස්‍රා දිහා බලලා හිනාඋනා.

'ඇයි දන්නෑ මෙතන ඉන්නේ' මට හිතුනා.

පූජා නැටුමේ කොස්ටියුම්ස් එක්ක මූණේ උලලා තිබ්බ එක එක පාටයි සිලිං බිලිං ගාන කකුල් දෙකයි ඔක්කොම මට එකතු කරේ ලැජ්ජාවක්. මං ලැජ්ජාවෙන් එයාලා ඉන්න තැනට ගියා. මෙහෙම ඇඳගෙන ඉඳලම නෑනේ කලිම් මෙයා ඉස්සරහා.  එයා මගේ දිහා බලන් හිටියේ ඇස් දෙක කටේ දාගෙන.දැනුන ලැජ්ජාවට මං ඇස් දෙකෙන්ම ඇයි කියලා ඇහුවා.


"ඔයා ලස්සනයි අද"


ඇයි වෙනදට කැතද අහන්නත් හදලා ඔව්නේ මං කැතයිනේ ඉතින් ආයේ ඕකේ අහන්න දෙයක් නෑනේ කියලා මං හිනාවෙලා කටවහගත්තා. ටිකකින් මතක් වෙලා..


"ආ.. තැන්කියු" 

කිව්වම එයා අමුතු හිනාවක් දැම්මා.


"කෝ යාලුවෝ?"


"එයාලා ගිහින්. මං පරක්කුයි. දුවන්න ඕන" 


මං සිලිං බිලිං ගගා පඩිපෙල නගින්න ගත්තේ බිම දිගේ ඇදෙන රෙද්දත් අත් දෙකෙන් උස්සන්. එයා යාලුවත් ඇදගෙන මං පිටිපස්සෙන් වැටුනා. කැඩෙට් යුනිෆෝම් එකට එයාව පෙනුනේ හරිම ගාම්භීර විදියට. අපි තුන් දෙනා කතා කර කරම ග්‍රවුන්ඩ් එකට ආවා. මං දැක්කා වෙනදට සහෝදර පාසලේ කොල්ලො ටික ප්‍රැක්ටිස් කරන චෙරි ගහ යට ඩාන්සින් ටීම් එක ඉන්නවා.

මං ඒ දිහා බලද්දි මට ළමයෙක් අතින් එන්න කියලා අඬගැහුවා.

"තැන්කියු මාත් එක්ක ආවට" 


මං හිනාවෙලා ඔලුවත් චුට්ටක් පාත් කරලා එයාගේ යාලුවාටත් හිනාවෙලා එහෙම්ම හැරිලා චෙරි ගහ යටට දිව්වා.

DandelionWhere stories live. Discover now