"තමුසේ මොකද අනුල්‍යා දිහා බලන්නේ?"
දවසක් මැත්ස් ක්ලාස් ඉවර වෙලා අපි ඔක්කොම යන්නත් ලෑස්ති උනාට පස්සේ සහස්‍රා නතාශා ගාවට ගිහින් සද්දයක් දැම්මා. ඒ වෙලාවේ තද වැස්ස.
"මං-? මොකක් ගැනද ඔයා-?"
"අනේ මේ තමුසේ දැන් බබා වෙන්න හදන්නෙපා. මං දන්නවා තමුසේ අනුල්‍යාට කැමති කියලා. හැබැයි අනුල්‍යා මගේ. එයා දිහා මීටපස්සේ ඇහැක් ඇරලා බලලා තිබ්බොත් මං තමුසෙගෙ-"
"සහස්‍රා?? මොකද මේ? මොකද වෙලා තියෙන්නේ? එන්න අපි යමු"
සිද්දිය ආරංචි වෙච්ච හැටියේ මං දුවගෙන ඇවිල්ලා සහස්‍රාව නතාශාගෙන් එහාට ඇදගන යන්න උත්සාහ කරා.
"තමුසේ..."
නතාශාගේ බැල්ම දරුණුයි.
"තමුසේ රට වටේ ඉන්න කොල්ලො එක්ක නටලා ආවම කකුල් හෝදලා පිළිගන්නද ඒ කෙල්ල ඉන්න ඕන තමුසේ එක්ක ආහ්?? ඒ කෙල්ල විඳවන තරම් තමුසේ දන්නවද? සහස්‍රා මේහ්.."
නතාශාට කේන්ති ගිහින් ඉන්නවා මං මීට කලිම් දැකලා තිබුනේම නෑ.
"නතාශා මොනාද මේ කියවන්නේ? ඇති . ඔය දෙන්නම. දෙයියන්ගේ නාමෙන් මේ රණ්ඩුව නවත්තගන්නකෝ.. සහස්‍රා එන්න අපි යං"
මං සහස්‍රාගේ අතින් ඇද්දා.
"තමුසේ.. තමුසේ ස්කෝලේ වෙන හැම එකම ගිහින් මේකිගේ කනේ තියෙනවද?"
ඒ පාර සහස්‍රාගේ තරහා මගේ පිටට හැරුණා.
මං නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා. නතාශා සහස්‍රාගේ උරහිසින් අල්ලලා සහස්‍රාව එයාගේ පැත්තට හරවලා ඇදලා ගත්තා.
"ඒ ළමයට තමුසේ තමුසේ කියන්නෙපා. දන්නවද එයා කොච්චර දුක් වෙනවද කියලා. දෙනුවන්-"
නතාශා මගේ මූණ දිහා බැලුවා. මං ඔලුව දෙපැත්තට වැනුවා.
."තමුසෙට තේරෙන්නෑ ඒ කෙල්ලව-"
ආයේ සහස්‍රා දිහා බලාගෙන නතාශා පටන් ගත්තා.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...