👀15 - නතාශා

204 46 35
                                    

"මං ලබන අවුරුද්දේ ඉඳන් ඔයාගේ මැත්ස් ක්ලාස් එකට එනවා" 


නවය වසර අග දවසක සහස්‍රා මට ගෙනාවේ අලුත්ම නිව්ස් එකක්. ඒකට මට සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරි උනා. මං ප්‍රයිමරි එකෙන් පස්සේ සහස්‍රා එක්ක එක ක්ලාස් එක්ක වාඩි වෙලා ඉගෙනගෙන නෑ. ඒක කොයිවගේ වේවිද කියලා මට ඉමැජින් කරගන්න අමාරු වුනා. ජීවිතේ චුට්ටක් අමාරු වෙන්න යනවා කියලා මට හිතුනා.


ඒ එක්කම මට මගේ ඉංග්ලිෂ් ක්ලාස් එක චේන්ජ් කරන්න උනේ මං එතෙක් ගිය ඉංග්ලිෂ් ක්ලාස් එකේ සර් ක්ලාස් එක හදිසියේම නවත්තන්න තීරණය කරලා තිබුන නිසා.


 දිනුකිගේ අම්මා අපේ අම්මා එක්ක හොඳා.........යි කියලා රස කතා කියලා තිබ්බ ඉංග්ලිෂ් ක්ලාස් එක්කට අම්මා මාව පිටත් කරන්න තීරණය කරලා තිබ්බා. ඉතින් උගන්නන ගුරුවරයා, ක්ලාස් එක තියෙන තැන මුකුත් නොදැන මං ස්කෝලේ ඉවර උනාම දිනුකි පස්සෙන් බඩගෑවා.


ඉංග්ලිෂ් ක්ලාස් එක තිබුනේ අපේ ස්කෝලෙන් ටිකා.........ක්  දුර. බස් එකක ඉස්සර මුදලින් රුපියල් පහලවක දුර. දැන්නම් පනහක්වත් වෙයි. බස් එකෙන් බැහැලා වෙලක් මැදින් එගොඩ වෙලා යනතැන ටීචගේ ගෙදරත් ගෙදර කෙලවර තිබුන පොඩි මඩුවක ක්ලාස් එකත් හදලා තිබුනා. දිනුකි ඉස්සර ඉඳන්ම ආව ක්ලාස් එක නිසා එයා පුරුදු කාරයෙක් වගේ ගිහින් තුන් වෙනි පේලියේ වාඩි උනේ අතින් එයාගේ බංකුවේ එහා පැත්තට තට්ටුවක් දාගෙන මටත් වාඩිවෙන්න කියන්න වගේ.


මං ක්ලාස් එකේ දොර ළග හිටගෙන ක්ලාස් එක පුරාවට බැල්මක් හෙලුවා. ක්ලාස් එකට තිබුනේ එක පරණ කලු ලෑල්ලකුයි, කබල් ගුරු මේසෙකුයි පුටුවකුයි, දිග ලී බංකු පහක් එක්ක ඒවට මේස පහකුයි විතරයි.


පලවෙනිම බංකුවේ වාඩිවෙලා හිටියේ පිරිමි ළමයෙක් වගේ කොන්ඩේ කොටට කපපු, අපේ තරඟාකාරී බාලිකා පාසලේ ගෑනු ළමයෙක්. එයා මං දිහා බලලා හිනාවුනා. මං කෙලින්ම අහක බලාගත්තා. අපේ ස්කෝල දෙක නොදන්නා කිසියම් හේතුවකට පරම්පරා ගානක් තිස්සේ තරහයි.

DandelionOù les histoires vivent. Découvrez maintenant